කුවේට්, ලන්ඩන් සහ කයිරෝ නුවර පිහිටි සිරියා තානාපති කාර්යාලවලට කලහකාරී පිරිස් පෙරේදා (4) ප‍්‍රහාර එල්ල කළහ. ප‍්‍රහාර එල්ල කළේ ඒ ඒ රටවල වාසය කරන සිරියා ජාතිකයන් බවත් සිරියා ජාතික ධජ අතැතිව පැමිණි ඔවුන් සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව විරෝධතා පවත්වන්නන් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. විරෝධතාකරුවන්ගේ ප‍්‍රහාරවලින් බරපතළ ලෙස හානි සිදුවූයේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිරියානු තානාපති කාර්යාලයටය. එකසිය පනහකට ආසන්න පිරිසක් හිටිහැටියේ කඩා වැදී තානාපති කාර්යාලයට පහර ගිනි තැබූ බව කයිරෝ පොලිසිය පවසයි. ලන්ඩන් නුවර සිරියා තානාපති කාර්යාලයට ද එකසිය පහනකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් කඩා වැදීමට උත්සාහ කළහ. එම අවස්ථාවේ, වහා කි‍්‍රයාත්මක වූ ලන්ඩන් කැරැලි මර්දන පොලිස් නිලධාරීන් එම පිරිස් විසිරුවා හැරිය බවද වාර්තා විය.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd