සිරියා ජනපති බෂීර් අල් අසාද් මිනීමරනවා යැයි රජයෙන් වෙන්වී එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කැරැලිකරුවන් සමඟ එක්වූ අගමැති රියාඞ් හිජාබ් පවසයි. හිජාබ්, සිරියා රජයෙන් ඉවත් වී කැරැුලිකරුවන් සමඟ එක්වූ බව ප‍්‍රකාශ කළේ පෙරේදා (06) හොර රහසේම පවුලේ අයත් සමඟ අසල්වැසි ජෝර්දානයට පළා යෑමෙන් පසුවය. සිරියා ජනපතිගේ රජය සමූල ඝාතන සිදු කරද්දී ඒවා දැක දැක තවත් බලා සිටීමට නොහැකි නිසා තමා සිරියාවෙන් පළා ආ බවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වූ බවත් රජය පෙරළන්න හදන කැරැුලිකරුවන්ට තමන් සහාය දක්වන බවත් හිජාබ් කියා සිටී. රජයෙන් වෙන් වූ හිජාබ් කැරැලිකාර පාර්ශ්වය සමඟ එක් වීමෙන් පෙනී යන්නේ අසාද්ගේ රජයේ ඇද වැටීම යැයි ඇමෙරිකාව පවසයි. ජනතා හඬට කන් දී බලය අතහැර රටින් පිටවීමට තවමත් ප‍්‍රමාද නැතැයි ද ඇමෙරිකාව සිරියා ජනපති අසාද්ට පවසා ඇත.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසකින් මතක නැහැ කියයිද දන්නේ නැහැ (දී)
ඒත් එයා කිවුවොත්, "අනේ මට මතක නැහැ" කියලා? (නි)
දෙපැත්ත කන නයි (දී)
වැඩේ වැරදීගෙන එනකොට හෙමින් මාරු වෙනවා නේද? (නි)