සිරියාවෙන් පිටවී, තම දරුවන් පස් දෙනා සමඟ ඩුබායිහි ජීවත් වන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ එකම සොහොයුරිය බුෂ්රා අසාද් පෙරේදා (23) සිරියානු විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් හමුවෙමින් කියා සිටියේ තම බාල සොයුරු අසාද්ගේ දේශපාලන දර්ශනය තමන් අනුමත නොකරන බවය. බුෂ්රාගේ සැමියා සිරියා රජයේ නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ජනරාල් අසෙෆ් ෂවුකාත්ය. ඉකුත් ජූලි මස 18 වැනිදා සිරියාවේ ඩමැස්කස් අගනුවර ආරක්ෂක අංශ මූලස්ථානයට එල්ල වුණු බෝම්බ ප‍්‍රහාරයෙන් ඔහු මියගියේය. කෙසේ නමුත් තමන් සිරියාවෙන් පිටවී ඩුබායිහි ජීවත් වන්නේ තම සොයුරාගේ දේශපාලන දර්ශනයට විරෝධය දැක්වීමක් හැටියට නොවන බවත් තමා ඔහුගේ දර්ශනය කිසිවිටෙකවත් අනුමත නොකරන බවත් බුෂ්රා අවධාරණය කරයි. ඇය මේ අදහස් කියා සිටියේ සිරියානු විපක්ෂ කි‍්‍රයාකාරීන්ගේ ‘ ඕල් ෆෝ සිරියා’ නමැති දේශපලාන පුවත් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියා ජනපතිගේ සොහොයුරිය විපක්ෂ කි‍්‍රයාකාරීන් හමුවෙයි