IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිරියා ගුවන් කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ හෝම්ස් නගරයේ යුද ගුවන් තොටුපළකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. හෝම්ස්හි ට්‍රයිෆොර් ගුවන් කඳවුරේ  ගුවන් ආරක්ෂණ පද්ධතිය සක්‍රීය වූ බව බලධාරීහු පවසති.

 

එම ප්‍රදේශයෙන් විශාල පිපිරුම් ශබ්ද ඇසුණු බවත් මිසයිල ප්‍රහාර කිහිපයක් ගුවන් කඳවුරට එල්ලවූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

 

ඊයේ (8) සිරියාවේ කැරළිකරුවන් ග්‍රහණයේ පවතින ඩුවෝමා නගරයට දැවැන්ත රසායනික වායු ප්‍රහාරයක් එල්ලවූ අතර එයින් කාන්තාවන් සහ දරුවන් ඇතුළු බොහෝ පිරිසක් මියගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

 

මෙහිදී සිදුවූ දරුණු හානිය සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බලවත් අප්‍රසාදය පල කර තිබූ අතර සිරියානු ජනපති අසාද් දැඩි ලෙස හෙළා දකිමින් මෘගයකු බව පවසා තිබිණි.

 

ඇමෙරිකානු ජනපතිවරයා තවදුරටත් පවසා තිබුණේ සිරියානු රජයට මේ සම්බන්ධව විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇති බවයි.

 

මිසයිල ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමිනු ඇමෙරිකාව පවසා ඇත්තේ තමන් විසින් සිරියා ගුවන් කඳවුරකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව පැතිරෙන වාර්තා අසත්‍ය බවයි.

 

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

සිරියා ගුවන් කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site