සිරියානු අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමට ඉරානයට හැකියාවක් ඇතැයි රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති ජෙනඩි ගැටිලෝව් පැවැසීය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලබන සැප්තැම්බරයේ ජිනීවාහි පැවැත්වීමට නියමිත සමුළුවට ඉරානය සහභාගී කරවා ගත යුතු බව ද නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට කියා සිටියේය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් එම විශේෂ සමුළුව සංවිධානය කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.
සිරියානු අර්බුදයේදී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. රුසියාව චීනය මෙන්ම ඉරානය ද සහාය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සහාය පළ වන්නේ කැරැුලිකාර පාර්ශ්වයටය.
මේ වනවිට සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය ඉක්මවා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd