සිරියාවේ අල් නුස්රා සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියකු මරා දමා ඇතැයි  විදෙස් පුවත් සේවා පවසයි.

සිරියාවේ අලෙප්පෝ නුවරදී ගුවන් ප්‍රහාරයකින් එම සන්නද්ධ කණ්ඩායමට අණ දුන් අබු ඔමාර් සරාකෙබ් එසේ මියගිය බව කියති.

සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව සිරියා රජය, රුසියාව සහ ඇමරිකාව එක්ව ගුවන් ප්‍රහාර එල්ල කිරීම සිදුවන අතර අදාළ සන්නද්ධ කණ්ඩායම ඉලක්ක කරගෙන බටහිර ඇලෙප්පෝ හි කෆර් නාහා ගම්මානයට ඉහළින් එල්ල කළ ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත.

සිරියාවේ නිල නොවන ආරංචි කියනුවේ එම කණ්ඩායමේ තවත් ප්‍රධානීන් කිහිප දෙනකුම ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි.