රුසියාව සහ තුර්කිය එක්වී, හඳුන්වා දුන් සටන් විරාමය කඩාකප්පල් කිරීමට සිරියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන් උත්සාහ ගන්නා බව සිරියා රජය චෝදනා කරයි.
සිරියා රජයේ හමුදා සටන් විරාමය අවස්ථා කිහිපයකදී කඩ කළේ යැයි සිරියා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කැරැලිකරුවෝ චෝදනා කරති.
රුසියාව සහ තුර්කිය මැදිහත් වී, මුළු සිරියාවම ආවරණය වන පරිදි, එම සටන් විරාමය ආරම්භ කළේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා ය.
සටන් විරාමය අතරවාරයේ රුසියා , තුර්කි නියෝජිතයන් ද සිරියා රජයේ සහ විපක්ෂය නියෝජිතයන් ද අතර සාකච්ඡා පැවැත්වීමට සූදානමක් පවතී. ඒ, සිරියා අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමටත්, ගැටුම් අවසන් කිරීමටත් ය. සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම මස අවසානයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd