සිරියාවේ සටන් විරාමයක් ඇති කිරීමේ සාකච්ඡා සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජිනීවා නුවර සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳ කෙරී එක්සත් ජාතීන්ගේ ජෝර්දාන්, සිරියා හා සෞදි නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජෝර්දාන් හා සෞදි විදේශ ඇමැතිවරුන්ද එම සාකච්ඡාවට එක්වීමට නියමිතය.

සිරියාවේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී 250කට වැඩි පිරිසක් මරුමුවට පත්වූහ. අයිඑස් ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් සිරියාවේ දැඩි අනාරක්ෂිත වාතාවරණයක් හටගෙන ඇත.

ජෝන් කෙරී ඇතුළු නියෝජිතයන් මෙම සංචාරයේදී සිරියාවේ සටන් විරාමයක් ඇතිකිරීම පිණිස අවසන් එකඟතාවයකට එළැඹෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.