IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සිරියාවේ සටන් විරාමයක් වෙනුවෙන් කෙරී අත පොවයි

සිරියාවේ සටන් විරාමයක් ඇති කිරීමේ සාකච්ඡා සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජිනීවා නුවර සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳ කෙරී එක්සත් ජාතීන්ගේ ජෝර්දාන්, සිරියා හා සෞදි නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජෝර්දාන් හා සෞදි විදේශ ඇමැතිවරුන්ද එම සාකච්ඡාවට එක්වීමට නියමිතය.

සිරියාවේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී 250කට වැඩි පිරිසක් මරුමුවට පත්වූහ. අයිඑස් ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් සිරියාවේ දැඩි අනාරක්ෂිත වාතාවරණයක් හටගෙන ඇත.

ජෝන් කෙරී ඇතුළු නියෝජිතයන් මෙම සංචාරයේදී සිරියාවේ සටන් විරාමයක් ඇතිකිරීම පිණිස අවසන් එකඟතාවයකට එළැඹෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 



අදහස් (0)

සිරියාවේ සටන් විරාමයක් වෙනුවෙන් කෙරී අත පොවයි

නාමල් - නිව්යෝර්ක් Wednesday, 04 May 2016 03:07 PM

චින්තන බටහිර රටවල් නැතිනම් අරාබියට තෙල් ටික පොලවට ඇදගන්න බෑ.. ගඩාෆි තමන්ගේ මිනිස්සුව මර්දනය නොකළ නම් ඔහුට කානුවක මැරෙන්න වෙන්නේ නෑ.. සදාම් කළේ තමන්ගේ මිනිස්සු බඩගින්නේ මැරෙද්දී මාලිගා හදපු එක කියලා ඉරාකේ මිනිස්සුම කියනවා.. පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් ලෝකය ගැන කියවන්න (බ)

:       0       0

රංග Monday, 02 May 2016 03:25 PM

නාමල් ඇමරිකාවේ විතරක් ප්‍රවෘත්ති බලන්න එපා. මැදපෙරදිග රාජ්‍ය වල මිනිස්සුන් සහ ප්‍රතිපත්ති වෙනස්. ලිබියාවේ ගඩාෆි / ඉරාකයේ සදාම් කලින් ම කියල තිබුන ඔවුන් නැති තැන මුළු මැදපෙරදිගම අස්ථාවර වෙනවා කියල. අරාබි වසන්තයේ ප්‍රතිපල අද ඒ හැම රටේම මිනිස්සු ලේ වලින් වන්දි ගෙවනවා. අල් ජසීර එකත් ආර්ටී එකත් පොඩ්ඩක් බලන්න. බටහිර ලෝකයතම කරපු විනාසය සාක්ෂි සහිතවම බලන්න පුළුවන්. (බ)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Monday, 02 May 2016 03:52 PM

රංග ඔබ මට ප්‍රවෘත්ති බලන්න උගන්නන්න එපා... මම මැදපෙරදිග සංචාරය කරලම තියෙනවා, මැදපෙරදිග සදාම් හා ගදාෆිල ඔබ හිතන විදිහේ සුන්දර හෝ ජනප්‍රිය නායකයෝ නෙමෙයි, අන්ත දුෂිත දරදඩු එ්කාධිපතියෝ, අරාබිකරයේ තියෙන ආගම් වාදය, ගෝත්‍රවාදය , රාජ්‍ය දුෂණය නිසා රටවල් අස්ථාවර කරගෙන අන්තිමට බටහිරට බනින එක මැදපෙරදිග නායකයින්ගේ ලක්ෂණයක්.. (බ)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Monday, 02 May 2016 07:04 AM

සිරියාවේ ජනාධිපති අසාද් නිසා තමා මේ ඔක්කොම.. ඔහු තමන්ගේ වැසියන්ට හොදින් සේවය කලානම් මේ කිසිවක් වෙන්නේ නෑ.. අසාද්ව කෙසේහෝ බලයේ තබාගන්න ඉරානයට හා රුසියාවට අවශ්‍යයි. අසාද්ව බලයෙන් පහකරන්නට සෞදි, කුවේට්, කටාර්, ජෝර්දාන් වැනි රටවලට උවමනායි. අයි.එස් එකට විරුද්දව ඇමරිකාව හා බටහිර කරන සටන අපි අගය කල යුතුයි. (ර)

:       0       0

චින්තන Wednesday, 04 May 2016 06:45 AM

නාමල් මහතා ඔබතුමා නිව්යෝර්ක් වල වෙන්න පුළුවන්, ගොඩක් සංචාරය කරලා තියෙනවා වෙන්නත් පුළුවන්, එ්ත් අරාබි වසන්තය කියල දෙයක් තිබුණු බවක් ඔබතුමාට එක්කෝ තේරිලා නෑ එහෙමත් නැත්තම් ඔබතුමා දන්නේ නෑ, ඔය ගොඩක් බටහිර රටවලට තිබ්බ ලොකු හිසරද තමයි සදාම් සහ ගඩාෆි මොකද ඒගොල්ලෝ තමුන්ගේ රටවල් දියුණු කරන අතර තමුන්ගේ රටවල් වල සම්පත් වලින් වෙනරටවල් (විශේෂයෙන් බටහිර) රටවල් අනියම් ප්‍රයෝජන ගන්න එක වළක්වාගෙන හිටියා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 422 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2192 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site