අන්කාරාහිදීය (රොයිටර්ස්)
සිරියාවට සහ ඉරාකයට සාමය ගෙනෙන බව තුර්කි ජනාධිපති තායිප් රෙජෙබ් ඇර්දොවාන් අද (26) ප්‍රකාශ කළේය.
කලාපයේ සිටින ත්‍රස්තවාදී සංවිධාන තුරන් කරමින් සිරියාවට සහ ඉරාකයට සාමය සහ ආරක්ෂාව ගෙනෙන බවත් විශේෂයෙන්ම තුර්කි පාලනයට අයත් නැති සිරියාවේ ප්‍රදේශවලට ද සාමය ගෙනෙන බවත් තුර්කි ජනාධිපතිවරයා පැවැසීය.
තුර්කියේ ගිනිකොන දිග පළාතක් වන මුස්හිදී තම ආධාරකරුවන් අමතමින් තුර්කි ජනාධිපතිවරයා ඒ බව කීවේය.
තුර්කියට එල්ල කරන ප්‍රහාර අතීතයේදී ඇනටෝලියාවට එල්ල කරන ලද ප්‍රහාර හා සමාන යැයි කී ජනාධිපතිවරයා තුර්කිය බිඳ වැටුණහොත් ඒ අවට සියලු කලාපත් බිඳ ඇතැයි ද අනතුරු ඇඟවීය.
“අමතක කරන්න එපා. ඇනටෝලියාව කියන්නේ තාප්පයක්. මේ තාප්පය කඩා වැටුණහොත් මැද පෙරදිග කියලා දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. අප්‍රිකාව, මධ්‍යම ආසියාව, බෝල්කන්ස් හෝ කෝකසස් හෝ ඉතිරි වන්නේ නැහැ” යැයි හෙතෙම අවධාරණය කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කි ජනපති හදන්නේ ගරාවැටුණු "ඔටෝමාන්" රාජ්‍යය ආපහු ස්ථාපිත කරන්න වටේ රටවල් රවටාගෙන.