සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන්වැද සිටින කැරැලිකරුවෝ පෙරේදා(13) එරට ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළුෑ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කැරැලිකරුවන් එල්ල කළ ප‍්‍රහාරයෙන් අනතුරුව ගිනිගත් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට අන්තර්ජාලයට එක් කර ඇති කැරැලිකාර පාර්ශවයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ නවීන ගුවන් යානා නාශක අවි භාවිත කර එම ප‍්‍රහාරය එල්ල කළ බවයි.
නමුත් සිරියා රජය පවසන්නේ පුහුණුවීම් අතරතුර ජෙට් යානයේ හට ගත් කාර්මික දෝෂයක් හේතුවෙන් යානය කඩා වැටුණු බවයි.
ජෙට් යානයට තමන් එල්ල කළ ප‍්‍රහාරයෙන් අනතුරුව එහි සිටි නියමුවා යානයෙන්ඉවත් වීමෙන් පසුව ඔහු තමන් භාරයට ගත් බව සිරියානු කැරැලිකරුවෝ පවසති. ඒ බව තහවුරු කරනු පිණිස ගුවන් නියමුවා යැයි කියන පුද්ගලයකු කැරැලිකරුවන් අත්අඩංගුවේ සිටින බව දැක්වෙන වීඩියෝ පටයක් ද ඔවුන් මාධ්‍යය වෙත නිකුත් කර ඇත.
යුද්ධයේ සිරකරුවන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ වන ජීනීවා ප‍්‍රඥප්තියට සහ තම ආගමික, සදාචාරාත්මක අගයයන්ට අනුකූලව අත්අඩංගුවට ගත් ගුවන් නියමුවා සම්බන්ධයෙන් කටයුතු කරන බව කැරැලිකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ.
කෙසේ වෙතත් කැරැලිකරුවන් සිරකරුවන්ට අමානුෂික වධහිංසා පමුණුවන ආකාරය දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයට එක් කර තිබීමෙන් ඔවුන් කරන මේ ප‍්‍රකාශ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව විදෙස් විශ්ලේෂකයෝ පවසති.
අසාද්ගේ හමුදාව තරම් නූතන අවි ආයුධ භාවිත නොකරන එරට කැරැුලිකරුවන් එල්ල කළ මෙම ප‍්‍රහාරය සිරියා යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වන විට සිරියා හමුදා ප‍්‍රහාරක හෙලිකොප්ටර්, ජෙට් යානා පමණක් නොව යුද ටැංකි ද යොදා ගනිමින් ඇලෙප්පෝ නුවර සිටින කැරැලිකරුවන්ට පහර දෙයි. සිරියානු රජය පවසන්නේ මේ වනවිට කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඇලෙප්පෝ නගරයේ සලේදීන් දිස්ත‍්‍රික්කය තම පාලනයට නතු කර ගැනීමට හැකිවී ඇති බවය.

2025 නොවැම්බර් මස 21
31
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
145
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සිරියානු කැරැලිකරුවෝ ප‍්‍රහාරක ජෙට් යානයක් බිම හෙළති
මධු Wednesday, 15 August 2012 12:47 PM
තව මාස හයක් හතක් යද්දී වෙන්න තියෙන දේවල් සේරම වෙලා තියෙයි. (නි)
නවන්ත Thursday, 16 August 2012 05:47 AM
තවත් රුසියාවයි චීනෙයි කටවල් වහන් ඉදියිද ?? (ස)