සිරියානු රජයට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් නොකර, පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සකස් කරන ඕනෑම යෝජනාවලියකට තමන් කැපැවී සහාය පළ කරන බව ඉරාන රජය වෙනුවෙන් එරට ජනපති හසන් රොව්හානී කියා සිටී.
සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව කි‍්‍රයා කළහොත් එයින් සිදුවන්නේ, පවතින අර්බුදය දිග් ගැස්සීම පමණක් යැයි ද ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
සිරියානු අර්බුදයේ දී ඉරානය සහ රුසියාව සහාය දෙන්නේ, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටයි. ඉරානයේත්, රුසියාවේත් අදහස වී ඇත්තේ, සිරියානු අර්බුදයට එකම විසඳුම ජාත්‍යන්තර කතිකාවක් කියාය.
රුසියාව මෙන්ම ඉරානය ද කියා සිටින්නේ, ලෝක බලවතුන් සහ සිරියා කැරැලිකාර පාර්ශ්වය පමණක් නොව, සිරියානු රෙජීමය පවා කැඳවා එක් වී සාකච්ඡුා කළ යුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd