මධ්‍යධරණී මුහුදේ බටහිර ප්‍රදේශයේ දී සරණාගතයින් රැගත් නෞකාවක් අනතුරට පත්වීමෙන් 34 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතින්ගේ සරණාගත කාර්යාංශය පවසන්නේ දියෙහි ගිලෙමින් සිටි 26 දෙනකු බේරාගත් බවයි.
මෙම සරණාගතයින් අප්‍රිකානු ජාතිකයින් බව සහන සේවා කණ්ඩායම් සඳහන් කරයි.
"යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබුණා. 60 දෙනකු පමණ බෝට්ටුවේ සිටි බව පැවසෙනවා. 34දෙනකු පමණ මිය ගිහින්. 26දෙනකු බේරා ගත්තා" යැයි සරණාගතයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රකාශක ජොඑල් මිල්මන් පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd