IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සියවසේ විශාලම දියමන්තිය බොට්ස්වානාවෙන්

ලොව දෙවැනි විශාලතම දියමන්තිය බොට්ස්වානා හිදී සොයාගෙන ඇතැයි එරට ලුකාරා දියමන්ති ව්‍යාපාරික ආයතනය කියයි.

කැරට් 1,111 ක් වන මෙම දියමන්තිය බොට්ස්වානාහි අගනුවර වන ගැබරෝන් සිට කිලෝමීටර් 500 ක් දුරින් පිහිටි කැරෝව් දියමන්ති පතලකින් සොයාගෙන ඇතැයි එරට පුවත් සේවා පවසයි.

මෙම දියමන්තිය බොට්ස්වානාවලින් එදා මෙදා තුර සොයාගත් විශාලතම දියමන්තිය බවත් පසුගිය සියවසෙහි සොයාගත් ලොව විශාලතම දියමන්තිය බවත් කියති.

1905 දී දකුණු අප්‍රිකාවෙන් සෙයාගත් කැරට් 3,106ක කලිනන් දියමන්තිය ලොව විශාලතම දියමන්තිය ලෙස ඉතිහාසගත වාර්තා කියයි. එය තවත් කුඩා ගල් 9කට වෙන්කැරිණි. ඒවායින් වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයේ මැණික් ඔටුන්න සඳහා යොදාගෙන ඇත.

ලුකාරා ආයතනය පවසන්නේ කැරට් 813 ක හා කැරට් 314 ක තවත් විශේෂිත සුදු දියමන්ති දෙකක් එම පතලින්ම සොයාගත් බවයි.

මෙහි මිල තීරණය කිරීම ලේසිපහසු කාර්යයක් නොවනු ඇතැයි පාරිබෝගික භාණ්ඩ හා පතල් කැණීම් විශ්ලේෂක කිරන් හොග්සන් ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ නිව්යෝක් නුවරදී කැරට් 100 ක දියමන්තියක් ඩොලර් මිලියන 22.1 කට (ශ්‍රී ලංකා රුපියල් මිලියන 3143.39 ) ක මුදලකට විකිණූ බව විදෙස් පුවත් සේවා කියයි.

බොට්ස්වානා රාජ්‍යය ලොව විශාලතම දියමන්ති නිෂ්පාදන හා සැපයුම් වෙළඳපළක් හිමි රටකි.

web_20151120diamon_P_20151119102300 webDiomend_20151120select_1_pass_press



අදහස් (0)

සියවසේ විශාලම දියමන්තිය බොට්ස්වානාවෙන්

පුජ්‍යපද ඉලුක්පිටියේ පන්නසේකර නාහිමි Friday, 20 November 2015 08:22 AM

මෙම කරුණ ගැන මම පසුගිය වසර 17 ක් අප්‍රිකාවේ ජිවත්වන මෙම රටේද ආගමික කටයුතු කරන අප්‍රිකා මහාද්වීපයේ ප්‍රදාන සංඝ නායක හිමි හැටියට ඉතාම සතුටු වෙනවා. අප්‍රිකාව ගැන අව තක්සේරුවෙන් කතා කරන අයට මේ රට ගැන පොඩි අවබෝදයක් මේ තුලින් ලැබේවි යයි මම හිතනවා. බුදු සරණයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site