ඉදිරි වසර 50 ඇතුළතුලදී මිනිසා අගහරු ග්‍රහයා මත ජනාවාස තනා ගනු ඇතැයි කිීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු හා අභ්‍යාවකාශ තරණය සම්බන්ධයෙන් පෙරළිකාර මත ඉදිරිපත්කරන්නෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් මත පලකරයි.

පසුගියදා අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව විකාශය කෙරුණු රූපවාහිනී වැඩසටහනකට පෘථීවියේ සිට එක්වෙමින් හෙතෙම මෙසේ තම අදහස් දැක්වීය.

පෘථීවියේ සම්පත් ප්‍රමාණය ක්ෂය වෙමින් පවතින බවත් මෙනිසා දිනෙන් දින වැඩිවන ජනගහණය නඩත්තු කිරීමට නුදුරේදීම පෘථීවිය අපොහොසත්වනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ සදහා එකම විසදුම ලෙස ඔහු පෙන්වාදුන්නේ ග්‍රහලෝක වල ජනාවාස ඇති කර ගැනීමයි.ඒ සදහා දැන්ම කටයුතු කළ යුතුව ඇතැයි මහාචාර්ය හෝකින්ස් කීය.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රුදී සිටින අභ්‍යාවකාශගාමීහූද මෙම වැඩසටහනේදී තම අදහස් ප්‍රකාශ කළහ.