සෝමාලියාවේ ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් කෙන්යා ගුවන් හමුදාව පෙරේදා (10) එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් සෝමාලි රතු කුරුස කාර්යාලයක් විනාශ විය. එම ප‍්‍රහාරයෙන් එක් සිවිල් වැසියෙක් ජීවිතක්ෂයට පත්වූයේය. සෝමාලියොවේ කි‍්‍රයාත්මක අල් ෂෙබාබ් සටන්කාමීන් කලාපීය වශයෙන් තර්ජනයක් බව පවසමින් සෝමාලියාවේ අසල්වැසියකු වන කෙන්යාව, සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් හමුදා මෙහෙයුම් ඇරැඹුවේ මීට මාස කීපයකට පෙර සිටය. කෙන්යාවේ හමුදා මෙහෙයුම්වලට සෝමාලි රජයේ ද සහාය හිමිවේ. කෙන්යා ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා පෙරේදා පහර දුන්නේ දකුණුදිග සෝමාලියාවේ බාදෙරී නමැති කුඩා නගරයටය. එම නගරය සටන්කාමීන්ගේ තෝතැන්නක් යැයි කෙන්යා හමුදාව මීට පෙර ද ප‍්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් පෙරේදා රතු කුරුස කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් කෙන්යා හමුදාව හෝ කෙන්යා රජය හෝ කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත.
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෝමාලියා රතු කුරුස කාර්යාලයට කෙන්යා ගුවන් හමුදාවෙන් බෝම්බ