සෝමාලියාවේ මොගඩිෂු නුවර ආසන්නයේ ගම්මානයක මාර්ග කම්කරුවන් නවදෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මෙය අල් ශබාබ් අන්තවාදීන් විසින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කරන බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
මොගඩිෂු නගරයෙන් කිලෝමීටර් 19ක් දුරින් පිහිටි හවාබ්ඩිහි සරණාගත කඳවුරක වාසය කරන පුද්ගලයන් පිරිසක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති අතර කාන්තාවන් හතරදෙනකු ද මියගිය අය අතර සිටින බව පැවසේ.
ප්‍රදේශය සෝදිසි කලද සටන්කාමීන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd