සිය සැමියාගේ ජනනේන්ද්‍රිය කපා කුණු කූඩයට විසිකළ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙනි.

උපතින් වියට්නාම ජාතිකයකු වන ඇයගේ නම කැතරින් කියුය.

සැමියාගේ රාත්‍රී ආහාරයට නිදිපෙති එකතු කර ඔහු නිදිගන්වා ඇති ඇය අගල් 10 ක් පමණ දිගු පිහියකින් සැමියාගේ ජනනේන්ද්‍රිය කපා වෙන්කර ඇතැයි සදහන්ය.ජනනේන්ද්‍රිය යළි සිරුරට බද්ධ කළ නොහැකි තරමටම විනාශ කිරීමට ඇය කටයුතු කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ප්‍රාන්ත අධිකරණයේ නඩු පැවැරීමට පොලිසිය සරැසෙති.

එහිදී හෙළිවූ කරුණක් වූයේ වියට්නාම් යුද්ධයේ බිහිසුණු සිදුවීම් වලට ඇය මුහුණ දී ඇති බවයි.මේ නිසා

ඇයට මානසික ව්‍යාකූලතා තත්ත්වයත් ඇතැයි වෛද්‍යවරුකියති.තවද සිය සැමියා හා ඔහුගේ පැරණි පෙම්වතියක අතර පැවැති ඇයිහොදැයියකටද ඇය විරෝධය පළ කර ඇත.එනිසා සැමියාගේ නිරන්තර තාඩන පීඩන වලටද ඇය ලක්වෙමින් සිටි බව අධිකරණයේදී හෙළි විය.

මේ සියල්ල නිසා පීඩනයට පත්වුණු ඇය මෙසේ හැසිරෙන්නට ඇතැයි අධිකරණයේදී පැවැසුනි.

කෙසේ වුවද ඇයට දඩුවම් දිය යුතුද නැත්ද යන්න ගැන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.