සිනහව මිනිසා ප්‍රීතියෙන් තබන බවත් සෞඛ්‍ය සම්පන්න කරන බවත් මතය වී තිබේ. නමුත් නවතම පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ සිනහව මිනිසාට අනපේක්ෂිත අනතුරුදායක තත්ත්වයක් ඇතිකරන බවයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිනහව රෝග කිහිපයකට ම හේතුවන බවකි. වලිප්පුව, හෘද රෝග තත්ත්වයන්, උගුර පැලීයාම, අපස්මාරය යන රෝග වලට සිනහව හේතුවක් බව තහවුරු කරගෙන ඇත.
1946 සිට මේ දක්වා සිනාසීමෙන් ශරීරයට සිදුවන දේ ගැන දත්ත පදනම් කරගෙන බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් සහ ඔක්ස්පර්ඩ් සරසවිවල මේ පර්යේෂණය සිදුකැර තිබේ. ඔවුන් සිදුකළ එක් පරික්ෂණයකදී කවටයෙක් රෝගින් සතුටු කිරීම සඳහා රෝහල වෙත යැවුණි.
ප්‍රතිපලය වුයේ දිනක් තිස්සේ නියමාකාරයෙන් මුලු දවස තිස්සේම සිනාසිම කල අය කැලරි 2000 ක් වැයකල බව හෙලිවීමයි. මද සිනහව දියවැඩියා රෝගින්ගේ රැධිරයේ සිනි මටිටම අඩුකිරිමටද ධමනි වල දැඩි බව අඩුකිරිමටද එමගින් ඒවායේ ඇදෙන ප්‍රමාණය ඉහිල් වීමටද උපකාරි විය.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිනහව මගින් ලැබෙන ප්රතිලාභ අභියෝගයට ලක්වන අතර මදහස පෑම මගින් අඩු අනතුරැදායක බව හා ප්රතිලාභ ද ලැබිය හැකි බවයි. එමෙන්ම සමච්චලය මගින් ඔබ රෝගියෙක් කරන බව ද හාස්‍ය රසය හේතුවෙන් රස දැනීමේ ද විකෘති තා ඇතිවිය හැකි බව ඔවුන් පවසයි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ නත්තල් කලාපයේ මේ කරුණු ප්‍රසිද්ධියට පත්කැර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනා වෙන්න එපා බුම්මාගෙන ඉන්න.(නදී),
සිනහ වී තරවෙන්න කියලත් කියනවනේ. ලේ සුද්ද වෙනවා කියලත් කියනවා. කෙල්ලක් කොල්ලෙක් අල්ලා ගන්නෙත් හිනාවෙන්ම තමයි.(නදී)
විද්‍යාව නවීන වෙනවා කාලෙන් කාලෙට. සදාතනික දහමේ ඔය හැම දේම තියෙනවා අපට නොපෙනුනාට.(නදී)
"සිනා නොමසෙන් දසන් දක්වා" (නදී)
ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕනෑම නැහැ.(නදී)
මේ තමයි නවීන විද්‍යාවේ හැටි. තව ටික කාලෙකින් ඕක වැරදී කියල තව කෙනෙක් ඔප්පු කරයි. නවීන විද්‍යාවට අවිද්‍යාව කියන්නේ එකයි.(නදී)
එකම දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා විශ්වාස කරන්නේ කොහොමද? (නදී)