හිටපු ඉරාක ජනපති සදාම් හුසේන් විසින් දකුණු ඉරාකයේ බස්රා නගරයේ ඉදි කරන ජනපති මන්දිරය කෞතුකාගාරයක් ලෙස නම් කළ බව එක්සත් රාජධානියේ ‘ද ගාඩියන්ස්’ පුවත්පත සදහන් කරයි.
දීර්ඝ කාලයක් දිරාපත් වෙමින් මෙම ජනපති මැදුර කෞතුකාගාරයක් කිරීම, නවීකරණය කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් කැර ඇත.
බ්‍රිතාන්‍ය හමුදාවේ දක්ෂතම ඉංජිනේරු කණ්ඩායම පවසන්නේ මෙම කෞතුකාගාරය ඉරාකයේ උරුමයක් ලෙස පවත්වාගෙන යන බවයි.
බ්‍රිතාන්‍ය කෞතුකාර පාලක ජෝන් කර්ට්ස් ‘ගාඩියන්ස් පුවත්පතට පවසා ඇත්තේ දකුණු දිග ඉරාකයේ පිහිටි නවීකරණය කරන ලද විශාලතම කෞතුකාගාරය ලෙස සියළු පුරවැසියන් හට මෙය දැක බලා ගත හැකි බවයි.
ඉරාක ජනපති සදාම් හුසේන් 1991 පැවැති ඉරාක කුවේට් යුද සමයේදී අධිකරණයෙන් වරදකරුවකු වීමේන් පසු එල්ලා මරණයට පත් කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1991 ද සදාම්ව මැරුවේ? (නි)
සදාම් මැරුවේ 2008. (නදී)
මෙහෙ තියන මන්දිරත් කටුගෙවල් වෙයිද? (නදී)
සදාම් හුසේන්ව මැරුවේ 1991 දී කළ අපරාධ වෙනුවෙන්.ඉරාකයෙන් අපට කියලා විශේෂ උදව්වක් කරලා නෑ.මේ ගොඩනැගිල්ල නිකන් විනාශ වෙන්න නොදී කටුගෙයක් කරපු එක වැරැද්දක් නෑ. (ස)
සදාම්ට ඉරාකයට කල වැඩ කැතයි. ඕවට කන්න වෙයි.(නදී)
සදාම් හුසේන් ගෙන් ගැලවුනත් ඉරාක මිනිසුන්ට හැකියාවක් නැහැ තමන්ගේ රට හදා ගන්න. මේ සියල්ලටම මුල ආගම. .(නදී)
සරත්, ඔසාමා හිටියා නම් ඒකත් කරලා තමයි නතර වෙන්නේ (නි)
හොඳට තිබුණු රටක්!!! දැන් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා. අසරණ රට වැසියෝ දුක් විඳිනවා. කාගේද වැරැද්ද?.(නදී)
සදාම් මැරුවේ 1991 වසරේදීද? (නි)
ලලිත්,සදාම් හුසේන් ව ඒ කාලයේදි ඇමෙරිකානුවන්ට මරන්න හිතන්නවත් බැරි කාලයක් (නි)
රාධා, ඔබ බලාපොරොත්තු වූ ඒ නායකයාගේ කටු ගෙය දැන් පුපුරවලා අවසානයි. නැවත කටු ගෙවල් හදන්න තැනක් මේ කපේට එන්නේ නැහැ. (නි)
සදාම් හුසේන් කියන්නේ හොද පාලකයෙක්.ඔහු මැරුණු දා සිට හැමදාම බෝම්බ පත්තු වෙනවා (නි)
ඉරාකයේ තියෙන එකකට බ්‍රිතාන්‍ය කෞතුකාර පාලක කහින්නේ මොකටද (ස)
සදාම් හුසේන් කියන්නේ අපේ රටට උදවු කළ අයෙක් (නි)
මහ ගෙදර ඔබේ කටට මසුරන් දාන්න ඕනි (නදී)
බලාපොරොත්තු වෙමුද ලංකාවටත් මෙවැනි කෞතුකාගාරයක් ළගදීම. (නි)
ඒගොල්ලෝ කියනවා අපි අහනවා, ඒගොල්ලෝ කරනවා අපි බලනවා. (නි)
හැබෑටම ඇමරිකාවේ ධවල මන්දීරයත් කටුගෙයක් වේවීද ? (ස)
නැහැ අනේ ඇමෙරිකාව කියන්නේ එයාලට විරුද්ධ වෙන ඕනෑම රටක් කටු ගෙයක් කරනවා කියලා. (ස)
අනේ අම්මපල්ල මුන් සර්පයෝ රෙද්ද අස්සේ දාගෙන ලජ්ජා නැතිව පලයව් තව කටුගේ බලන්න
රට කජු ඇටයක් තරම් පොඩි මොලයක් තියෙන අරාබි කාරයන්ට බටහිර රටවල කුමන්ත්‍රණ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එක අතකින් අරබිකරයින්ට මොලයක් නැති එක හොඳයි. එයාලගේ සල්ලි වගේම මොලත් තිබුනා නම් මොනවා වෙයිද කියන්න බැහැ. (ස)
මාටින් මේකනේ වැඩේ. ඉරාකය බිමට සමතලා කරලා , වාර්ගික යුද්ධ ඇතිකරලා ඒ රට නැති බන්ගස්ථාන කරාට පස්සේ ,ඔවැනි දේවල් කරලා පව් සමා කරගන්න හදනවා.(නදී)
අනුන්ගේ රටවල දේවල් හොරකම් කරන්න, කෞතුකාගාර හදන්න මේ අය කොහොමත් දක්ෂයිනේ. (ස)
අරාබිකාරයන්ව රවටන එක එදා ඉඳලම මේගොල්ලෝ කලා. (ස)