නැගෙනහිර ආසියාවේ මේ දිනවල පවතින අධික සීත කාලගුණය හේතුවෙන් තායිවානයේ අවම වශයෙන් පුද්ගලයින් 85 දෙනෙක්වත් මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එමෙන්ම අධික හිම පතනය හේතුවෙන් කොරියාවේ සංචාරකයන් ගේ ජනප්‍රිය ජිජු දිවයිනේ ගුවන්තොටුපොල වසා දමා ගුවන් ගමන් නවතා දමා තිබීම හේතුවෙන් සංචාරකයෝ 60000 ක් පමණ අතරමංව සිටිති.
අධික සීතල කාලගුණය හොංකොං,දකුණු චීනය සහ ජපානයේ ද පැවතීම හේතුවෙන් එම රටවල සාමාන්‍ය ජන ජීවිත ආඩාල වී ඇත.
තායිවානයේ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එහි හදිසියේ පරිසර උෂ්නත්වය පහළ යාමෙන් ඇතිවූ සීත කාලගුණය දරාගත නොහැකිව ඇතිවූ හදිසි හෘදයාබාධ හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවයි. පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතා ද මෙම මරණ වලට තවත් හේතුවක් බව එරට බලධාරිහු කියති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.