ඊශ්‍රායෙල ගුවන් ප්‍රහාරයන්ට හසුව සියලූ දේපළ අහිමි වුවද ඔවුනොවුන් අහිමි කර නොගත් ගාසා තීරයේ තරුණ යුවළක් ඊශ්‍රායෙලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පැවතීම ප්‍රයෝජනයට ගෙන විවාහ දිවියට ඇතුළත් වූහ.
ඔවුන් නැවතී සිටි අනාථ කඳවුර නොයෙකුත් සැරසිළි වලින් අලංකාර කර තිබුණි.විසල් කේක් ගෙඩියක්ද එහි විය.කඳවුරේ සිටි සියලූදෙනා සතුටින් ගයා රඟා ප්‍රිති වූහ.
විවාහ උත්සවය සදහා සියලූ බරපැන දැරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.
මධුසමය ගත කිරීම සදහා ගාසා තීරයේ ඉතිරිව ඇති එකම හෝටලය කරා යෑමට ඔවුන්ට අවස්ථාව සළසා දීමටද එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇත.
මනාලිය වූ හිබා ෆයාඩ් දේපළ හිමි පවුලක තරුණියක වන අතර ඊශ්‍රායෙල ප්‍රහාරයන්ට හසුවීමෙන් ඒ සියල්ල ඇයට අහිමිව ගොස් ඇත්තීය.
තමන් මෙම විවාහ මංගල්‍යය පැවැත්වීමට සිතා සිටියේ ඥාති හිතමිතුරන් පිරිවරාගෙන මහ ඉහළින් වුවත් අවසානයේ මෙසේ නාඳුනන පිරිසක් මැද විවාහ වීමට සිදුවූ බව ඇය කියන්නීය.
මනාලයා වූ අබු නාමාර් නම් පවසන්නේ මෙසේ නාඳුනන පිරිසක් හමුවේ වුවද අවසානයේ මුලින් සැළසුම් කර ගෙන සිටි දිනයේදීම හිබා හා විවාහ වීමට හැකිවීම තමන්ට සෑහෙන බවයි.
ගාසා තීරයේ විනාශව ඇති ගොඩනැගිලි පිළිසකර කර යථා තත්ත්වයට පත්කිරීමට තවත් අවුරුදු 3 ක් වත් ගතවනු ඇතැයි ගණන් බලා ඇති හෙයින් එතෙක් කල් බලා නොසිට එක් අතකට මෙසේ තම ආදරවන්තයා හා විවාහ වීමට හැකිවීම තමන් ලද භාග්‍යයක් යැයි හිබාද පිළිගන්නීය.
ඊශ්‍රායෙලය හා හමාස් සංවිධානය ඊයේ (14) සටන් විරාමය තවත් දීර්ඝ කිරීමට එකඟ වූ අතර තවත් පැය 72 කට එය දීර්ඝ කැරණි.
මුලින් හමාස් සංවිධානය හා සාම නියෝජිතයා වන ඊජිප්තුව සටන් විරාමය දීර්ඝ කරන්නේ යැයි පවසා සිටියදී මුනිවත රැකි ඊශ්‍රායෙලය පසුව එයට කැමැත්ත පළ කළේ හමාස් සංවිධානය කිසියම් යටිකූට්ටු කටයුත්තක් කිරීමට සැරසෙන්නේ නම් එයට දැඩි ප්‍රතිචාර දක්වන බව පවසමිනි.
ඊශ්‍රායෙලය හමාස් සංවිධානය ගැන පැවසූ ලෙසම සටන් විරාමය දීර්ඝ කෙරෙන්නේ යැයි ප්‍රකාශයට පත්කෙරුණු විගස ගාසා තීරයේ සිට ඊශ්‍රායෙලය දෙසට රොකට් ප්‍රහාර 5 ක් එල්ල වූ අතර ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායෙලය ගාසා තීරයේ ස්ථාන රැසකට දැඩි ප්‍රහාර එල්ල කළේය.
එයින් පසු ගාසා තීරයෙන් ප්‍රහාර එල්ල වීම මේ වන විට තිබෙන්නේ නැවතීය.ඊශ්‍රායෙලයද ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අත්හිටුවා ඇත.
කෙසේ හෝ අවසානයේ දෙපාර්ශවයම සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟතාවය පල කර ඇති හෙයින් සාම සාකච්ඡා ඉදිරියට පවත්වා ගෙන යෑමට හැකි බව ඊජිප්තුව පෙන්වා දේ.
දෙපාර්ශවයම ඉදිරිපත් කරන කොන්දේසි සියයට සියයක්ම සපුරා ලීමට නොහැකි වාතාවරණයක් පවතින බවද සඳහන්ය.
ස්ථීරසාර සටන් විරාමයක් ස්ථාපිත කිරීම සදහා හමාස් සංවිධානය අවි බිම තැබිය යුතු යැයි ඊශ්‍රායෙලය දැඩි කොන්දේසියක් පනවා ඇති අතර ඊට තමන් කිසිසේත් එකඟ නොවන බව හමාස් සංවිධානය පවසා ඇත.
අනෙක් අතට ගාසා තීරය වටා ඊශ්‍රායෙලය පිහිටුවා ඇති ආරක්ෂක වළල්ල ඉවත් කළ යුතු යැයි හමාස් සංවිධානය ඉදිරිපත් කර ඇති කොන්දේසිය ඊශ්‍රායෙලය බැහැර කර ඇත.




COMMENTS
මටත් ආසයි කේක් ගහක් වවන්න (නදී)
කේක් එකටත් රොකට් සවි කරලා! (දී)
නැව ගිලුනත් බෑන් චුන් කියන්නේ මෙහෙම ඒවට වෙන්න ඇති. (නි)
ඔබ දෙදෙනාට සුබ මංගලම් , දිර්ගායුෂ , (ස)
හමාස් සංවිධානය නිසා ඔක්කොම හමස් වූ මේ දියණියට , සුබ මංගල පැතුම් මගෙනුත් (ස)
"මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය" කියන ප්‍රස්ථාව පිරුළ මතක් වුණා. ආ ... තව "ලොව කැළඹී ගිනිගද්දී දෙදෙනා බලා හිටියා" කියන මිල්ටන්ගේ සින්දු කෑල්ලත් මතක් වුණා. මොනවා වුණත් සුබ මංගලම්. (නි)
මනමාලිය නම් හරිම ලස්සන කෙනෙක්. ඇයගේ සැමියා බොහෝ ආඩම්බර විය යුතුයි, මෙවැනි සුරඟනක් ලැබීම ගැන (නි)
වාසනාවන්!! (නි)
අනේ අපිට මොකද (දී)
තරුණියගේ මුහුණේ තීන්ත ගාලාද ? (නදී)