බොලිවුඩයේ නිළි රැජින ලෙසින් හැඳින්වෙන ශ්‍රීදේවි කපූර්ගේ දේහය ඩුබායි බලධාරීන් අද (27) පස්වරුවේ ඥාතීන්ට බාර දී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි මියගිය ශ්‍රීදේවි කපූර්ගේ දේහය සඳුඳා ඊයේ (26) ඉන්දියාවට රැගෙන ඒමට නියමිතව තිබුණත් මරණ පරීක්ෂණය හා ඉන් පසු කෙරුණු තවත් පරීක්ෂණ කිහිපයක් හේතුවෙන් දේහය ඥාතීන්ට බාරදීම ප්‍රමාද කිරීමට ඩුබායි බලධාරීහූ කටයුතු කළහ.
පසුව ඩුබායි පොලිසිය දේහය නිදහස් කිරීමේ ලියකියවිලි ශ්‍රීදේවි කපූර්ගේ ඥාතීන්ට ලබාදුන් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. දේහය එම්බාම් කිරීමේ කටයුතු සඳහා බාරදීමට ඥාතීන්ට හැකියාව ඇතැයි ද එම ට්විටර් පණිවිඩයේ දැක්විණි.
බොලිවුඞ් නිළි රැජිණ හෘදයාබාධයකින් මියගිය බව වාර්තා වූයේ ඉකුත් සෙනසුරාදා (24) අළුයම් කාලයේදීය. ඇය නානකාමරයේ ‘බාත් එකේ’ අහම්බයෙන් ගිලී මියගිය බව මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය. ඇය මියගිය අවස්ථාවේදී සිරුරේ මත්පැන් ස්වල්ප ප්‍රමාණයක් තිබූ බව ද මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ඩුබායි පුවත් සේවා වාර්තා කර තිබිණි.
මරණ පරීක්ෂණය, පොලිස් වාර්තාව සහ අනෙකුත් වාර්තා සලකා බලමින් ඉදිරි පරීක්ෂණ කෙරෙන බව ද ඩුබායි පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ගල්ෆ් නිවුස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය ඇයගේ ස්වාමිපුරුෂයා වන බොනී කපූර්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර හෝටල් සේවකයන්ගෙන් ප්‍රශ්න කර ඇති බව ද වාර්තා විය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම විටෙක මත් පැනට ලොල් නොවන්න, ඔබ දන්නේ නැහැ ඔබට මොනවද වෙන්නේ කියා. පිරිහීමේ ලක්ෂණයයි.
ශ්‍රී දේවිගේ විපත ගැන කණගාටුයි