මහ වැසි හේතුවෙන් ගංගා පිටාර ගලා ගී‍්‍රසියේ ඇතන්ස් අගනුවර පෙරේදා (23) හදිසියේම ජලයෙන් යට විය.
හදිසියේ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් එක් කාන්තාවක ජීවිතක්ෂයට පත් වූ අතර දහස් ගණණකට උන්හිටිතැන් අහිමි විය.
මීට පෙර මේ අයුරින් ගී‍්‍රසියට මහ වැසි ඇදහැලූණේ වසර 52 කට පසුව බවය. අවසන් වරට මහ වැසි ඇද හැලූණේ 1961 වසරේ දී යැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හදිසියේ ආ ප‍්‍රචණ්ඩ ජල පහරට වාහන රැසක් කොටු වූ අතර මෝටර් රථයක් තුළ කොටුවුණු 27 හැවිරිදි කාන්තාවක, බියට පත් වී හෘදයාබාධයකට ලක් වී මියගියාය. සැඬ පහරට හසුවූ තවත් කාන්තාවක බේරා ගැනීමට ඇය ගසාගෙන යනු දුටු පිරිසක් සමත් වූහ.
|
|
සැඬ පහරට හසුවී මෝටර් රථයේ කොටු වී සිටි කාන්තාව බේරා ගත් අයුරු |
COMMENTS
කවමත් හොද මිනිස්සු මේ ලෝකයේ සිටිනවා යැයි අසන්නට ලැබීම හරිම සතුටුයි. (නි)
ඒකත් වහලා තියෙනවා එපා නොකියන්න (දී)
වැස්ස නම් හොදයි. සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම තමයි නරක.(නදී)
මමත් තව පොඩ්ඩෙන් ඉවරයි. වැස්ස තුරල් කරපු නිසා මම වත්තට ගියා විතරයි, කඩා හැලුන වැස්ස මාව වට කර ගත්තා.හොඳ වෙලාවට උඩ තට්ටුවේ අය දැකලා බැහැලා ඇවිත් මාව බේර ගත්තෙ. එදා ලංකාවේ නුදුටු සුනාමිය මගේ මතකය අවදි කළා. ඒ වගේ වහින වේලාවකදී වාහනයක නම් ඉන්නේ මග නතර කරලා පයින් යන එක බුද්ධිමත් කියල හිතුණා. (නි)