වසර 4,400  පමණ පැරණි සොහොනක් සොයා ගත් බව ඊජිප්තු රජය නිවේදය කරයි. කයිරෝ අගනුවර දකුණු ප්‍රදේශයෙන් එම පුරාණ සොහොන සොයාගෙන ඇත. 
 
මෙය වසර 4400 කට පමණ පෙර එරට පාලනය කළ පස්වැනි ඩයිනස්ටි පාලකයාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම පූජකයකු වන පුද්ගලයකුගේ හොහොනක් බව අනාවරණය කර ගෙන ඇතැයි  පුරාවිද්‍යා අමාත්‍යවරයා පැවසීය.
 
මෙම සොහොන මීටර් 10 දිගන් ද ,  මීටර 3ක් පළලින් ද,  මීටර 3ක් උසින් ද යුක්ත වන අතර  බිත්ති කැටයම් වලින් සහ රූපාක්ෂර වලින් අලංකාර කර ඇත. 
 
පූජකවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ විචිත්‍රවත් පිළිම 24 ක් සහ රූප සටහන් 24 කට වැඩි ප්‍රමාණයක්  දක්නට ලැබී ඇත. 
 
සොහොන තට්ටු 5ක් යටට පිහිටා ඇති බව අමාත්‍යවරයා කීවේය.
 
පුරාවිද්‍යාඥයෝ තවදුරටත්  එම ස්ථානයේ පර්යේක්ෂණ පවත්වති.  
 
 
(63226 )