IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වසර 300ට පෙර හර්නියාවෙන් මියගිය රාජකීයයා

ඉතා දුර්ලභ හර්නියා තත්ත්වයක් හේතුවෙන් අධික වේදනාවක් විඳ මියගිය රාජකීයකුගේ සිරුරක් සී ටී ස්කෑන් පරීක්ෂණයකින් හඳුනාගත හැකි වූ බව කොරියාවේ වෛද්‍යවරු පිරිසක් කියති.

දකුණු කොරියාවේ ඇන්ඩන් හි චෝසුම් රාජවංශයට අයත් රාජකීය සොහොන් ගැබකින් හමුවූ මමී බවට පත්කැර තිබූ සිරුරක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදුකිරීමේ දී මේ බව හෙළි වී ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ රාජකීයයා මියගොස් ඇත්තේ අදින් වසර 300 ට පමණ පෙරාතුව බවයි. 17 වැනි සියවසේ දී මියගිය සිරුර පරික්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ මහා ප්‍රාචීරයේ ස්වභාවිකව ඇති වූ සිදුරක් හේතුවෙන් ආමාශය හා අක්මාව දැඩි සේ පහතට ගමන්කර තිබූ බවයි. හෘදය ද සාමාන්‍ය පුද්ගලයකුගේ හෘදයට වඩා පහළට ගමන් කැර තිබූ බවත් ඒ හේතුවෙන් පෙනහළු ද දැඩි පීඩනයකට ලක්ව තිබූ බවත් වෛද්‍යවරු කියති.

වෛද්‍යවරු පවසන්නේ මේ පුද්ගලයා මියයන විට 45 වැනි වියේ පසුවන්නට ඇතැයි විශ්වාස කරන බවයි. අඩි පහයි අඟල් තුනක් උසැති ඔහු විවාහකයකු යැයි අනුමානයක් පවතී. දැඩි පපුවේ වේදනාවක්, නිරන්තර පවතින ඔක්කාරය, හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් මොහු අධික වේදනාවක් විඳින්නට ඇති බවත් එයට හේතුව හර්නියා තත්ත්වයක් යැයි එකළ වෙදැදුරන් දැන නොසිටින්නට ඇති බවත් නූතන වෛද්‍යවරු කියති.

මේ සිරුර සම්බන්ධ පරීක්ෂණ සිදුකළ දකණු කොරියාවේ සෝල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමේ ප්‍රධානී යී සුක් කිම් මෙසේ කියයි.

‘‘ මහා ප්‍රාචීරයේ තිබූ දුර්වලතාව හේතුවෙන් ඔහුගේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් පහළට ගමන් කැර තිබෙනවා. ඇතැම් කොටස් තිබුණේ යටි බඩේ. හදවත හා පෙනහළු තදින් මිරිකී තිබුණා. කෙසේ වෙතත් තේරුම්ගත නොහැකි තරම් අධික වේදනාවක් ඔහු විඳින්නට ඇති. මේ තත්ත්වය තමයි ඔහුගේ මරණයට හේතු වන්නට ඇත්තේ. “

 



අදහස් (0)

වසර 300ට පෙර හර්නියාවෙන් මියගිය රාජකීයයා

අනුර Thursday, 17 July 2014 09:30 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 605 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 515 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site