නොසන්ඩාලයකුගේ වැඩක් නිසාවෙන් වැසිකිළි පෝච්චියට ‘‘ඇලවී‘ සිටින්නට සිදුවූ කාන්තාවක ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.

ඇමරිකාවේ ජොර්ජියා ප‍්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයකදී මේ අලකලංචියට මුහුණ දීමට ඇයට සිදුව ඇතැයි සඳහන්වේ.

ඇතිවූ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් වැසිකිළිය භාවිතා කර ඇති ඇය වැසිකිළි අසුනින් නැගිටීමට නොහැකි වූ තැන උදව් ඉල්ලා කෑ ගසා ඇත.

දැනුම්වත් කිරීමකින් පසු එතැනට පැමිණි ගිනි නිවීම් භටයින් ඇයව කිසිදු උපද්‍රවයකින් තොරව වැසිකිළි පෝච්චියෙන් වෙන් කර තිබේ.

පසුව කළ සොයාබැලීමකදී වැසිකිළියේ තිබී ඉතා ප‍්‍රබල මැලියම් වර්ගයක ටියුබයක් හමුවී ඇති අතර කිසියම් පුද්ගලයෙකු එම මැලියම් වැසිකිළි අසුනේ ආලේප කර තබන්නට ඇතැයි සැක කෙරේ.