IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


විරෝධතාකරුවෝ කුවේට් පාර්ලිමේන්තුවට කඩා පනිති

කුවේට් අගමැති ශීක් නසාර් මොහොම්මද් අල් අහමද් අල් සාබාට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් අගමැති නිල නිවස ඉදිරිපිට පැවැත්වුණු විරෝධතා රැලියකට ආරක්ෂක අංශ පහර දීමත් සමඟ විරෝධතාකරුවෝ දහස් ගණනින් ඊයේ (17) කුවේට් පාර්ලිමේන්තුවට කඩා වැදුණහ. කුවේට් රාජ්‍යයේ විරෝධතා ආරම්භ වූයේ ද බටහිර රටවල් ‘අරාබි වසන්තය’ යනුවෙන් හඳුන්වන විරෝධතා රැල්ල ආරම්භ වූ අවස්ථාවේදීය. රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කරන බව අගමැති ශීක් නසාර්ට චෝදනා එල්ල වෙමින් පවතින අතර විරෝධතාකරුවන් එක හඬින් කියා සිටින්නේ අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවය. විරෝධතාකරුවන්ට නායකත්වය දෙන්නේ එරට විපක්ෂ කණ්ඩායම්ය. විරෝධතාකරුවන් දෙදහසකට ආසන්න පිරිසක් ඊයේ අගමැති නිල නිවස ඉදිරිපිටට රැස්වී අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරන්න වූ අතර කුවේට් රජය එම විරෝධතාකරුවන් පලවා හැරීමට කැරැලි මර්දන පොලිසියත් හමුදාවත් යෙදවීය. විරෝධතාකරුවන්ට බැටන් පොලූවලින් සහ කඳුළු ගෑස්වලින් පහර දීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. එහිදී විරෝධතාකරුවන් 20 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පොලිසිය එල්ල කළ ප‍්‍රහාරවලින් පස් දෙනෙක් තුවාල ලැබූහ. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කර ඊට ඇතුළු වූයේ ඉන්පසුවය. ඇතැම් විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳ ගත්හ. විරෝධතාකරුවන් කියා සිටින්නේ අගමැතිවරයා පමණක් නොව පාර්ලිමේන්තුවේ තවත් ඇමැතිවරුන් 16 දෙනකුම අල්ලස් සහ දූෂණ වලට සෘජුව සම්බන්ධ බවය. කුවේට් අගමැති



අදහස් (0)

විරෝධතාකරුවෝ කුවේට් පාර්ලිමේන්තුවට කඩා පනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28872 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18209 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11246 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 691 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site