අකාලයේ මිය යාම වළක්වාගැනීමට නම් මත්පැන් පානයෙන් හා දුම්පානයෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න ආහාර ගනිමින් ව්‍යායාම සහිත දිවි පෙවතක් ගත කළ යුතුයැයි පර්යේෂකයෝ පිරිසක් අවධාරණය කරති.
එවැනි දිවියක් ගත කරන සමාජයක් ගොඩනැගිය හැකිනම් අකාලයේ වන මරණ සංඛ්‍යාව විස්මය ජනක ලෙස අඩුකර ගත හැකි බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙයි.
තරුණ වියේදී මෙලෙස නරක පුරුදු අතහැර දැමීම වඩාත් ආරක්ෂාකාරි බව ස්වීඩන් පර්යේෂකයන් පෙන්වා දෙති.
දුම්නොබන, සහ දිනකට විනාඩි 40 ක් සයිකල් පදින හෝ ඇවිදින සතියකට අවම වශයෙන් පැයක් ව්‍යායායාමයේ යෙදෙන තම ඉනේ ප්‍රමාණය අඟල් 37 කට අඩුවෙන් තබාගෙන ඇති පිරිමින් ඉහළ සෞඛ්‍ය තත්වයක් ලබාගන්නා බව එම පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම පිරිමින් මධ්‍යසාර ස්වල්ප ප්‍රමාණයක් පානය කරණ සහ තමනගේ ආහාරවලට පලතුරු සහ එළවළු, රනිල කුලයේ ආහාර, ඇටවර්ග, මේදය අඩු ආහාර සමග ධාන්‍ය වර්ග එක්කර ගත යුතුය.
මෙම අධ්‍යනය සඳහා වයස අවුරුදු 45 සිට 79 දක්වා වූ පිරිමි 20721 ක පිරිසකගේ දත්ත වසර 11ක් විශ්ලේෂණය කැර ඇත.
මේ පිලිබදව තම අදහස් දක්වන ස්වීඩනයේ කරොලින්ස්කා විද්‍යායතනයේ පරිසර වෛද්‍ය විද්‍යා ආයතනයේ මහාචාර්ය ඇග්නිටා ආකිසන් පවසන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුව ජීවිතය ගත කිරීමෙන් අකාලයේ මිය යාම වළක්වා ගත හැකි වීම මෙතෙක් සිතා සිටියාට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මමත් ඉන්නේ මේ රටේ. මේ අය ගොඩක් සීතල වැඩිකමට ව්‍යයාම කරනවා ,දියර කිරි බොනවා (නදී)