ඉන්දියාවේ ජීවත්වන 8 හැවිරිදි ආර්යන් පරාබ්ට වසර සියගණනක් ඈත අනාගතයේ පවා දින දර්ශනයන්හි දින තිබෙනු ඇත්තේ කෙසේදැයි තත්පර ගණනකදී පවසා සිටීමේ අපූරු හැකියාවක් ඇත.
මේ දිනය මේ අවුරුද්දේ කවර දවසක පිහිටන්නේදැයි ඇසූ විට ‘‘පටස්‘‘ ගා උත්තර දීමට ආර්යන් සමත්ය.තම මිතුරන් ජංගම දුරකථනයන් දිගහැර ඒවායේ ඇති දින දර්ශන වලින් දිනය හා දවස සොයනවාට වඩා වැඩි ඉක්මනින් දිනය හා දවස සොයාදීමට ආර්යන්ට හැකිය.
ආර්යන් පවසන්නේ සෑම වසර 11 කටම වරක් දින දර්ශයන්හි දින හා දවස් නැවත වාරයක් වසර 11 කට පෙර තිබූ අවස්ථාව දක්වා පැමිණෙණ බව සොයාගැනීමට හැකිවූ බවයි.
ක්‍රමය සොයාගත්තද ගණක යන්ත්‍රයක් පවා නොමැතිව ආර්යන් දින හා දවස් ගණනය කරන අයුරු පුදුම සහගතය.
ආර්යන්ගේ මේ හැකියාවෙන් නිවනක් නැතිවී ඇත්තේ ගෙදර දුරකථනයට බව ඔහුගේ මව කියන්නීය.තම මිතුරියන්ගේ හා අසල්වාසීන්ගේ උපන්දිනයන් එළැඹෙන දවස් ආර්යන් හට නිවැරදිව කිව හැකිවීම නිසා ඒ එකක්වත් නොවරදවා ඔවුන්ට සුභ පැතීමට ආර්යන් තමන්ට බල කරන බව ඇය පවසන්නීය.
COMMENTS
අවුරුදු 11 කට වරක් දින දර්ශනය නැවත අලුත් වනවය කියන එක පුදුමයක් (අ)
මේ විදිහටම දින දවස් කියන කෙනෙක් මට හමුවුණා ටෝකියෝ වල මම වැඩ කරන වැඩපොළේදී. එයා මන්දබුද්ධික ජපන් ජාතිකයෙක්. අපි නිතරම එයාගෙන් මේ විදිහට දින සහ දවස් අහලා බලනවා. එයාට තවත් පුදුම දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි ඕනෑම කෙනෙක්ගේ ලේ වර්ගය මුහුණ බලා හරියටම කියනවා. (නි)
මැටිල්ඩා වත් ඉපදිලාද? (ස)
"අර්ලිස්' මහතාගේ වැඩ මුළු නුවරම දන්නවා. (ර)
තව බොරුවක් (අ)
දන්නා කෙනෙක් ක්‍රමෙත් කියලම යන්නකෝ (නි)
මට මතක හැටියට ජනාදිපති කාර්යාලෙත් හිටිය අරුණසිරි කියල කෙනෙක්. හොයල බලන්න. (නදී)
මේක නම් පුදුමාකාරයි (නි)
ඉලක්කම් අටක සංඛ්‍යාවක් හතෙන් බෙදලා ඉතුරුවෙන ගණන අනුව ඕනෑම අවුරුද්දක දිනය මොන දවසද කියන්න පුළුවන් ක්‍රමයක් මමත් දන්නවා. ඕ.ලේවල් කරන කාලේ ඒක මනෝමයෙන් කරලා කට්ටිය පුදුම කරවලා තියනවා. හැබැයි අවුරුදු අටේදී එහෙම දෙයක් කරනවා කියන්නේ විශේෂ දෙයක්. අනිත් කාරණේ, සෑම වසර 11 කට වරක් කියන එකත් 100% ක් නිවැරදි නැහැ. ඒක වසර 6 ක්, 11 ක් හෝ 28 ක් වෙන්න පුළුවන් අධික අවුරුදු යෙදිලා තියන හැටියට. (නදී)
වසර කීපයකට පෙරත් ඉන්දියාවේ මෙවැනි පිරිමි දරුවෙක් සිටියා.ඕනම ගණිත ගැටලුවකට මොහොතකින් පිළිතුරු දෙන්න හැකි. නමුත් ඔහු ගැන ඉන්පසු කිසිම ආරංචියක් නැහැ. (ස)
අදහස් දාන සමහරුන්ට ලංකාව ගැන දැනුමක් නැහැ වගේ (නි)
අර්ලිස් මහතා උලපනේ පැත්තේ පාසක ගුරුවරයෙකු ලෙස සේවය කළේ. 1980 කාලේ තමයි මගේ මතකයේ හැටියට. ඉලක්කම් අටක් දහයක් , තවත් ඒ වගේ ඉලක්කම් ගණනකින් වැඩිකරන්න කිව්වොත් අග ඉඳලා ඉලක්කම් ටික කියනවා අපිට ලියාගන්න, උත්තරය හරියටම හරි.විශේෂය එය නොවෙයි. අපි සල්ලි කොලයක් අරගෙන එහි අංකය මොකක්ද කියලා ඇහුවොත්, ඒක නොසෙල්වෙන ලෙස වසා තබන්න කියා එහි ඇති ඉංග්‍රීසි අකුරත්, ඊට යටින් තිබෙන අංකය හා අනුක්‍රමික අංකයද නිවැරදිව පැවසීමට ඒ ගුරුතුමාට හැකියාව තිබෙනවා. ඒ මහතා ජීවත්වෙනවා නම් දැන් බොහෝ වියපත්ව ඇති. (නි)
දිනය හොයා ගන්න ගණන් හදන විදිහ බලාගන්න පහත වෙබ් ලිපිනය ක්ලික් කරන්න. http://en.wikipedia.org/wiki/Determination_of_the_day_of_the_week
මීට කලකට පෙර, මහ නුවර ප්‍රදේශයේ "අර්ලිස්' කියල මහත්මයෙක් සිටියා. ඔහුටත් සංකීර්ණ ගණිත ගැටළු වලට තත්පර කීපයක් ඇතුලත පිළිතුරු ලබා දීමට විශ්මිත හැකියාවක් තිබුණා . තවමත් ඔහු ඉන්නවද කියා දන්නේ නෑ. දන්නා අයෙක් ඉන්නවා නම් අදහසක් ඉදිරිපත් කරන්න. (නදී)
මෙවැනි කාරණා විඥානයෙන් උපන් අධිමානසික හැකියාවන් වේ. ඒ මන්දයත් මොහුගේ වයස අවුරුදු 8ක් වන බැවිනි. එහෙත් මේ හැකියාව හා මතකය තාවකාලික වන අතර මොළයේ වම් අර්ධය අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වේ. ඇතැමුන්ගේ ආයුෂ කාලය පවා කෙටි කිරීමට එම ක්‍රියාකාරීත්වය සමත්ය. කෙසේවුවත් මේ දරුවාට දීර්ඝායු පතමි. (නි)