වයඹදිග පාකිස්තානයේ කයිබර් ගෝත‍්‍රික ප‍්‍රදේශයේ වෙළෙඳසැලකට යාබදව පිහිටි බස්නැවතුමක දී පෙරේදා(17) සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ජම්රුද් නගරයේ සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් විශාල පිරිසක් තුවාල ලැබූහ. සිද්ධියෙන් මියගිය බොහෝදෙනෙක් බස්රථයක් පැමිණෙන තෙක් සිටි පුද්ගලයන් බව ජාර්මුද් පොලිසිය පවසයි. බෝම්බය පුපුරායාමෙන් අසල තිබූ වාහන 20ක් මුළුමනින්ම විනාශ විය. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් පෙෂාවෝර් රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
මාර්ගය අසල පිහිටි වාහනයකට බෝම්බ අටවා එය පුපුරුවා හැර ඇති බව පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය. සිද්ධියේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් බාර ගෙන නොමැත.ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ ජම්රුද් පිහිටා තිබෙන අතර අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රධාන කඳවුරු පිහිටා ඇත්තේ ද මෙම ප‍්‍රදේශයේය.
කයිබර්හි දිස්ති‍්‍රක් පරිපාලන කාර්යාලය පිහිටියේ බෝම්බය පුපුරා ගිය ස්ථානයට මීටර් සියයක් පමණ දුරකිනි. සටන්කාමීන් මෙම කාර්යාලය ඉලක්ක කර බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ බවට සැක කරන බව කයිබර්හි පරිපාලන නිලධාරී මටාසිර් පැවැසීය.
නිරන්තරයෙන් පාකිස්තානයේ සිදුවන බෝම්බ ප‍්‍රහාර පිටුපස සිටින්නේ වයඹදිග ගෝත‍්‍රික ප‍්‍රදේශවල සිටින සටන්කාමීන්ය. මෙම බෝම්බය පුපුරා ගියේ පෙෂාවෝර් ගුවන්තොටුපළට තලේබාන් සටන්කාමීන් ප‍්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසුවය.
පාකිස්තාන රජය පවසන්නේ 2001 වසරින් පසුව රට තුළ සිදුවූ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් මේ වන විට වැසියන් තිස්දහසක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වයඹදිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 21ක් මරුට
සදුන් Wednesday, 19 December 2012 07:18 PM
මධූ හරි. (නි)
මෝරාළ Thursday, 20 December 2012 10:03 AM
මධූ, සදුන්ලා වගේ අය ඉන්නකල් අපේ රට ගොඩගන්න බැහැ. (නි)
ජනක Friday, 21 December 2012 10:29 AM
අයියෝ සල්ලි
නිපුණ Thursday, 20 December 2012 09:01 PM
අනේ මන්දා? කවදද පාකිස්තානයට හරියන්නේ? කවුරු වුණත් මිනිස්සු නේද? සමහර මිනිස්සුන්ගෙ අන්තවාදී ආගමික මතවාද නිසාම නේද ඒ රට විනාශ වෙන්නේ? (නි)
මදූ Wednesday, 19 December 2012 03:58 PM
හොඳ පුවතක් (ස)
රොෂාන් Wednesday, 19 December 2012 04:24 PM
කොහොමද මධූ මේක හොද පුවතක් වෙන්නේ? පවු අහිංසක මිනිස්සු. (නි)
සම්පත් Thursday, 20 December 2012 11:59 AM
ඉස්ලාම් මිනිස්සු එයාලවම මරාගන්නේ ඇයි? (නි)
නවුෂාඩ් Wednesday, 19 December 2012 05:59 PM
මධූ වැනි අය බෞද්ධ රටකටත් අවනම්බුවක්. (නි)
මුතුකුඩ Thursday, 20 December 2012 12:48 AM
මේ මධුලා වාගේ අය නිසා තමයි ලංකාවෙත් විපත් ඇතිවෙලා තියෙන්නේ. ඇයි හිත හොද නැහැනේ. (නි)
ලාල් Wednesday, 19 December 2012 06:34 PM
අල්ලාහ්! (නි)
මධු Thursday, 20 December 2012 01:09 PM
අයියෝ සල්ලි (දී)
සම්පත් Thursday, 20 December 2012 09:01 AM
පාකිස්ථාන්, ඇෆ්ඝනිස්ථාන්, ඉරාක්, සිරියා, ඊජිප්තු වල දිනපතා මියයන ගණන වැඩිවෙමින් පවතිනවා. මේවා ඒ රටවල අභ්‍යන්තර ගැටලු. (නි)
පුබුදු Thursday, 20 December 2012 09:08 AM
හිල්මි, එතකොට මේත් සිංහල අයද? (නි)