හර්ෂණ තුෂාර සිල්වා
ව්‍යාපෘති කඩිනම් කිරීම නිසා පසුගිය දශකයක කාලයේදී ළමා විවාහ මිලියන 25ක් නැවැතුණු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි.
පසුගිය දශකයක කාලයේදී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කඩිනම් කිරීම හේතුවෙන් මෙම ප්‍රගතිය අත්පත් කරගෙන ඇති නමුත් වසර 2030 වනවිට ලොව පුරා දැරිවියන් මිලියන 150ක් විවාහ වීමේ සම්භාවිතාවක් ඇති බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.
විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ ළමා විවාහ සංඛ්‍යාව අඩු වී ඇති බව පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ගෝලීයව රටවල් කිහිපයක ළමා විවාහ සැලකිය යුතු ලෙසින් අඩු වී ඇතැයි ද කියයි.
සමස්තයක් ලෙස ගත්විට පසුගිය දශකයක කාලයේදී අඩු වයසින් විවාහ වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව සියයට 15කින් අඩු වී ඇතැයි ද එය ආසන්න වශයෙන් හතරෙන් එකක සිට පහෙන් එකක් දක්වා පත්වී ඇතැයි ද ළමා අරමුදල සඳහන් කරයි.
මේ අනුව දශකයට පෙර සෑම විවාහක කාන්තාවන් හතර දෙනකුගෙන් එක අයකම ළමා වයසේදී විවාහ වූ තැනැත්තියක වූ අතර මේ වනවිට එම තත්ත්වය පහෙන් එකක් දක්වා වර්ධනය වී තිබේ.
ලොව අනෙකුත් කලාප හා රටවල් සැලකීමේදී ළමා විවාහ සංඛ්‍යාව අඩුවීම අතින් ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කර ඇත්තේ දකුණු ආසියානු කලාපයේ රටවල්ය. ඒ අනුව පසුගිය වසර දහයක කාලයේදී වයස අවුරුදු 18 පෙර විවාහ වූ දැරියන්ගේ සංඛ්‍යාව තුනෙන් එකකින්, ආසන්න වශයෙන් සියයට 50 සිට සියයට 30 දක්වා අඩු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි.
එම ප්‍රගතියට විශාල වශයෙන් දායක වී ඇත්තේ ඉන්දියාව වන අතර ඉන්දියාවේ ළමා විවාහ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබේ.
කෙසේ නමුත් අඩු වයසින් වීමෙන් දරුවන් ආරක්ෂා කරගැනීමේ දී ශ්‍රී ලංකාව පෙන්වා ඇත්තේ අඩු ප්‍රගතියක් යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි.
දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී සිටින්නේ පහළ මට්ටමක යැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.
“වයස අවුරුදු 18 පිරීමට පෙර සිදුවන විවාහ නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය අවශ්‍ය පියවර ගත යුතු” යැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 18
526
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපෘති කඩිනම් කිරීමෙන් ළමා විවාහ මිලියන 25ක් නවතී