මධ්‍යම වියට්නාමයේ ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
නොවැම්බර් අග සිට නොකඩවා ඇද හැළෙන වැසි හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවත් ඉදිරි දින කිහිපයේදීත් තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එරට කාලගුණ විද්‍යාඥයෝ කියති.
බින් ඩින් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් 6 දෙනකු මියගොස් ඇතැයිද ක්වාන්ග් ගයි ප්‍රාන්තයේ 4 දෙනකු මියගොස් ඇතැයි ද කියති. එම ප්‍රාන්ත දෙකෙහි නිවාස 10000කට වැඩි ප්‍රමාණයක් හානියට පත්ව ඇතැයි ද වියට්නාම රජය කියයි.
ක්වාන්ග් නාම් ප්‍රාන්තයේ ජල ගැල්මට හසුවූ වයස අවුරුදු 4ත් 13ත් අතර දරුවන් තිදෙනකු ගසාගෙන ගොස් ඇතැයි ද වාර්තාවේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd