IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


වැම්කෝ සුළි කුණාටුවෙන් 53ක් මරුට

පිලිපීනයට බලපෑම්  ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.

පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින් 52 දෙනකු තුවාල ලබා ඇත.

උතුරු පළාතේ අනතුරට ලක්වූ දහස් ගනන් පිරිස් බේරා ගැනීම සඳහා වෙරළාරක්ෂක භටයන් සහ ස්වෙච්ඡා සේවකයින් කැඳවා තිබේ.

මෙය මෙම වසරේ පිලිපීනය මුහුණ දුන් 21වන සුළි කුණාටුවයි.

පිලිපීනයේ ලුසොන් දිවයිනට දැඩි හානි සිදුකළ සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් බැහැරව වියට්නාමය දෙසට ගමන්කරමින් පවතින බව කාලගුණ අංශ සඳහන් කරයි.

කුණාටුව පැයට සැතපුම් 165ක වේගයෙන් වියට්නාමයේ හැටිං වෙරළ තීරයේ සිට ක්වං එන්ගයි පළාත දක්වා  ගමන් කරනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.

අද (14) දිනය අවසන් වනවිට පුදගලයන් 468,000ක් පමණ ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි වියට්නාම ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.

වියට්නාමයේ දිගු වෙරළ තීර හේතුවෙන් නිරතුරුවම විනාශකාරී කුණාටු හා ගංවතුරට මුහුණ දීමට සිදුවේ. මෙය මෙම වසරේ වියට්නාමය මුහුණ දෙන 13වන සුළි කුණාටුවයි.

මේ වනවිට මෙම වසරේ පමණක් කුණාටු ඇතුලු ස්වාභාවික විපත් වලින් වියට්නාමයේ 160කට අධික පිරිසක් මියගොස් තිබේ.


(රොයිටර් පුවත් ඇසුරිනි - 085)



අදහස් (0)

වැම්කෝ සුළි කුණාටුවෙන් 53ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

‘ෆයිසර්’ එන්නතට වැඩ වරදින ලකුණු
2024 ජුනි මස 19 3269 3

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සා


හජ් වන්දනාවේ ගිය 550 ක් මියගිහින්
2024 ජුනි මස 19 1537 0

මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බ


පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි
2024 ජුනි මස 18 293 0

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර


පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 1842 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 13607 8

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා
2024 ජුනි මස 17 2937 2

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3071 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2512 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site