බංග්ලාදේශයේ ඩකා නුවර ආසන්නයේ පසුගියදා සිදු වූ ගොඩනැගිලි අනතුරට ලක් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.
බංග්ලාදේශයට බලපා ඇති ධාරණිපාත වැසි සහිත කාලගුණය මුදාගැනීමේ මෙහෙයුම් අඩාල වීමට හේතුවී ඇතැයි එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.
ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන මේ වන විට 1,100 දක්වා ඉහළ ගොස් ඇත. දිනපතා සුන්බුන් අතර සිරවී තිබෙන මළසිරුරු හමුවන බවත් තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයන් ඇතිදැයි සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති.
අනතුර සිදුවී දින 17කට පසුව ඉකුත් සිකුරාදා සුන්බුන් අතරින් 19   හැවිරිදි තරුණියක් සොයා ගැනීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට අදාළ බලධාරීහු තීරණය කළහ.