දරුණු පිළිකාවකින් පෙළෙන වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්ගේ ආයු කාලය තව වසර දෙකකට වඩා නැතැයි මැක්සිකෝහි මිලෙනියෝ නම් සඟරාවකට ප‍්‍රකාශයක් කළ වෙනිසියුලාහි වෛද්‍යවරයකු රටින් පලාගොස් ඇතැයි වාර්තා වෙයි. සැල්වදෝර් නවරෙටේ යන මෙම වෛද්‍යවරයාගේ ප‍්‍රකාශය, 2012 තම මැතිවරණ ව්‍යාපාරයට අහිතකර බලපෑම් එල්ලවීමට ඉඩ ඇතැයි වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් කියා සිටී. වෛද්‍ය සැල්වදෝර් වසර 2002 වනතුරු තම පව්ලේ වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකුයැයිද, තමාගේ මවට සිදුකළ සැත්කමකටද සහභාගි වී ඇතැයිද, ”මිලෙනියෝ” සඟරාවට කර ඇති ප‍්‍රකාශ සියල්ල අමූලික බොරු යැයිද ජනාධිපති චාවේස් තවදුරටත් කියා සිටියේය. තම පිළිකාව සුවකර ගැනීම සඳහා කියුබාවට යාමට පෙර වෙනිසියුලාවේ වෛද්‍ය පිරිසක් තමා පරීක්‍ෂා කළ බවත්, නමුත් සැල්වදෝර් නමින් වෛද්‍යවරයෙක් සිටි බව තමා නොදන්නේ යැයිද වෙනිසියුලා ජනාධිපති පැවැසීය. ”එවැනි වෛද්‍යවරයෙක් සිටියේ නම් ඒ බොරුකාරයාගේ මුහුණ බලා ගැනීමට කැමැතියි” යැයි වාර්තාකරුවන් සිනහ ගස්වමින් ජනාධිපතිවරයා පැවසීය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.