සිවුවැනිවරටත් විශිෂ්ට ජන වරමක් හිමිකර ගත් වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (10) සිය නව අගමැතිවරයා ලෙස විදේශ ඇමැති නිකොලස් මඩුරෝ නම් කළේය. 49 හැවිරිදි නිකොලස් මඩුරෝය වෘත්තීය සමිති සාමාජිකයෙකි. චාවේස්ගේ රජයේ විදේශ ඇමැති ධුරය හෙබවීමට පෙර ඔහු බස් රියැදුරෙකු ලෙස ද රැකියාව කර ඇත. ඔහු චාවේස්ගේ රජයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළේ 2006 වසරේ සිටය.