IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වොන්ඩර් වුමන්ට ඉහළ තානාත්තරයක්

කාන්තාවන් බල ගැන්වීම සංකේතවත් කරනු වස්, කාටූන් චරිතයක් වන වොන්ඩර් වුමන් කාන්තාවන් බල ගැන්වීම වෙනුවෙන් වන ගරු කටයුතු දුතිකාව ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැරසේ.

විලියම් මොවුල්ටන් මාර්ස්ටන් නම් කාටූන් චිත‍්‍ර ශිල්පියා අතින් නිර්මානය වූ වොන්ඩර් වුමන් චරිතය ප‍්‍රථම වරට කරළියට පැමිණියේ 1941 වසරේදීය.කාන්තා වීරවරියන් හිඟවූ එදවස කාටූන් ලෝකයේ අත්හදා බැලීමක් ලෙස හඳුන්වාදුන්නද, කිසිවෙකුත් නොසිතූ අයුරින් පේ‍්‍රක්ෂත සිත් ඇද බැද ගැනීමට ඇය සමත් වූවාය.

පසුව ඇයගේ හිමිකාරීත්වය හිමි ඇමරිකාවේ ඞීසී කොමික්ස් චිත‍්‍රකතා සමාගම ඇය වෙනුවෙන්ම වූ චිත‍්‍රකතා මාලාවක්ද ආරම්භ කළේය.

කාන්තාවන් බල ගැන්වීමේ විශේෂ දුතිකාව ලෙස ඇය නම් කිරීමට ප‍්‍රධාන හේතුව වන්නේද, මෙසේ බාධක මැද ඇය පැමිණි ගමනයි.

වොන්ඩර් වුමන් හට මෙම ගරු තනතුර ලබාදීම මෙම මස 21 වැනි දිනට යෙදී ඇත.එදිනම එක්සත් ජාතීන්ගේ ලිංගික සමානාත්මතාව ඇති කිරීමේ සහ කාන්තාවන් බල ගැන්වීමේ ව්‍යාපාරයද ආරම්භ කිරීමට නියමිතය.

කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට අධ්‍යාපනයට සමාන අයිතිවාසිකම් තහවුරු කිරීම මගින්, පිළිගත් රැුකියා වල යෙදීමට අවස්ථාව ලබාදීම මගින්, දේශපාලනමය සහ ආර්ථිකමය තීරණ ගැනීමේ කටයුතු වල නියෝජනය තහවුරු කිරීම මගින්, තිරසාර ආර්ථිකයක් ඇති කිරීමට මෙන්ම සමාජය ඇතුළු මුළු මහත් මිනිස් සංහතියේම යහපැවැත්ම තහවුරු කළ හැකි බව එම සංවිධානය පවසයි.

 



අදහස් (0)

වොන්ඩර් වුමන්ට ඉහළ තානාත්තරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site