IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදෙස් නෞකාවලට ඉන්දීය වරාය වැට බඳී

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ විදේශීය සුඛෝපභෝගී නෞකාවලට සිය වරායවලට පැමිණීම තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
 
පසුගිය සතියේදී මැන්ගලෝර් වෙත පැමිණි යුරෝපීය නෞකාවක් හරවා යැවීමට පියවර ගත් බව ද ඉන්දීය බලධාරීහු කීහ.
 
සුඛෝපභෝගී නෞකාවලින් වේගයෙන් වයිරසය පැතිරීමේ අවදානමක් ඇතැයි පැවසෙන අතර ජපානයට ආසන්න මුහුදේ නැංඟුරම්ලා තිබෙන ‘ඩයමන්ඩ් ප්‍රින්සස්‘ නෞකාවෙන් කොරෝනා ආසාදිතයන් 700කට වැඩි පිරිසක් හමුවිය. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් නෞකාවේ සිටි හත්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම නෞකා ජාලයට අයත් තවත් නෞකාවක් වනිග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව අද කැලිෆෝනියාවට පැමිණීමිට නියමිතව තිබිණි. එම නෞකාවේ 3,500 කට වැඩි පිරිසක් සිටින අතර ඉන් 21 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය. මැන්ගලෝර්හිදී හරවා යවා ඇත්තේ එම්.එස්.සී. ලිරිසා නෞකාව වන අතර එහි සිටින පිරිසට වයිරසය ආසාදනය වී ඇත් ද යන්න වාර්තා නොවීය. එම නෞකාවට 2,000කට වැඩි පිරිසක් රැගෙන යා හැකි අතර 700ක කාර්යමණ්ඩලයක් එහි සේවය කරති.
 
කිසිදු විදේශීයක යාත්‍රාවකට ඉන්දීය වරායවලට පැමිණීමට නොහැකි බවත් එම තහනම මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බවත් ඉන්දීය බලධාරීහු කීහ.
 
ඒ.එෆ්.පී
 
055



අදහස් (0)

විදෙස් නෞකාවලට ඉන්දීය වරාය වැට බඳී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site