IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදෙස් ආධාර සෝමාලියා ත්‍රස්තයන් අතට

විදෙස් ආධාර ලෙස සෝමාලියාවට ලැඛෙන මූල්‍යමය හා ද්‍රව්‍යයමය ආධාර සියල්ලම එරට රජය එරට ක්‍රියාත්මක අල්කයිඩා සංවිධානයට අනුබද්ධිත අල්ෂබාබ් නම් ත්‍රස්ත සංවිධානය වෙතට ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

රජයේ දේශපාලඥයයින් අල්ෂබාබ් ත්‍රස්තයින් වෙත අවි ආයුද පවා ලබා දෙන්නේයැයි සදහන්ය.තම තමන්ගේ වාසිය තකා සිදුකෙරෙන බව පැවසෙන මෙවැනි දෑ වලින් සෝමාලියාව තව තවත් අදුරටම ඇදවැටෙමින් පවතින බව විචාරකයෝ කියති.

සෝමාලියාවේ කි්‍රයාත්මක සහන සේවා කණ්ඩායම් බොහෝමයකට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අල්ෂබාබ් ත්‍රස්තයින් වෙත කප්පම් ගෙවීමට පවා සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

1991 වසරේදී එවක සිටි ජනපති සියාඩ් බාරේ බලයෙන් නෙරපනු ලැබුණු පසු සෝමාලියාව පාලනය වන්නේ අත්තනෝමතික පාලකයින් පිරිසක් අතිනි.රටේ නිසි නීති පද්දතියක්ද නොමැති අතර ඇති නැති පරතරය අහසට පොළව මෙන්වේ.

සෝමාලියාව අන්තවාදී කණ්ඩායම් හා ත්‍රස්ත කණ්ඩායම් අතට පත්වී තවත් ඇෆ්ගනිස්ථානයක් බවට පත්වනු ඇතැයි ලෝක බලවතුන් බිය පළ කරයි.මෙනිසා සෝමාලියාවට එම රටවල් ආධාර ලබාදෙන්නේ ඩොලර් ලක්ෂ ගණනිනි.

නමුත් එම උත්සාහයන් සියල්ල ගගට කැපූ ඉණි මෙන් වී ඇතැයි විචාරක අදහසයි.

 

 

 



අදහස් (0)

විදෙස් ආධාර සෝමාලියා ත්‍රස්තයන් අතට

Joy Godrey Mahatelge Dias Wednesday, 26 February 2014 11:06 PM

සමහර රටවල ත්‍රස්තවාදයත් දෙශපාලනයත් දම්වෑලක පුරුක් වගේ.අවු.30ක් අපේ රටේ ආර්ථිකය හා ජන ජීවිතය විනාශ කරපු ත්‍ර්ස්තවාදය ලක් පොලවෙන් අතුගා දමපු ආදරනීය රණවිරුවන්ටත් දෙශපලන නායකත්වයටත් ගරුකලයුතුයි. මෙවා බලනකොට.(අ)

:       0       0

සත්‍යා Tuesday, 25 February 2014 04:36 PM

අපේ රටට ලැබෙන ආධාර ගසා කන්නත් මෙහෙ ත් අල්-කයිඩා වක් තියෙන වානේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 23 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site