
'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වැඩිම දින ගණනක් එක දිගට වසා තැබූ නගරය ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙල්බන් නගරය ඊයේ (4) වනවිට වසා දමා දින 246 ක් ගත වී ඇත. මීට පෙර පෙර දින 245 ක් අඛණ්ඩව වසා දැමුණේ ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නගරයයි.
මෙල්බන් ලොක්ඩවුන් කර 245 ක් ගත වුවත්, 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ඊට හේතුව වී ඇත්තේ, මෙල්බන් වැසියන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය යැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි.
ඊට හේතුව, මෙල්බන් වැසියන් ලොක්ඩවුන් තහංචිවලට එරෙහිව වීදි බැස විරෝධතා පැවැත්වීමත් පොලිසියට හොරා නිවෙස්වලට එක්වී විනෝද වෙමින් සාද පැවැත්වීමත් නිසා යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ආසාදිතයන් අඩුවීමක් පෙන්නුම් නොකරන්නේ නම්, තව දුරටත් ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇතැයි වික්ටෝරියා බලධාරීහු පවසති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd