ඇමෙරිකානු යුද සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවි සංස්කාරක ඕස්ටේ‍්‍රලියානු ජාතික ජුලියන් ඇසෙන්ජ්ට දේශපාලන රැකවරණ දීමට එක්වදෝරය කැමැත්ත පළ කිරීම නිසා එරටට සම්බාධක පැනවිය යුතු යැයි ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය පවසයි. ඇසෙන්ජ් සම්බන්ධයෙන් එක්වදෝරයට සම්බාධක පනවා දඬුවම් කළ යුතු යැයි පවසන්නේ ඇමෙරිකාවේ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසකි. ඔවුන් ජනාධිපති බැරැක් ඔබාමාගේ රජයට දොස් පවරමින් කියා ඇත්තේ ඇසෙන්ජ් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින ඇසෙන්ජ්, ස්වීඩනයට බාරදීමට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් වෙයි. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් එක්වදෝරයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. ඔහු එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටී. ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වන්නේ ස්වීඩන අධිකරණයක් ඇසෙන්ජ් ඉල්ලා සිටීම නිසාය. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ රැකවරණය ලබන කොටි මිනීමරුවන් ලංකාවට බාර දෙන්න කිව්වොත් දෙනවද ? (ත)
ඇමරිකාව කොච්චර නම් පහත්ද? (නි)
මේක මාර වැඩක් නේ. ඇමරිකන් අධිරාජ්‍යයට අන්තර්ජාලය හරහා සැබෑවටම අභියෝග කල මාධ්‍ය සිංහයෙකුට අන්තර්ජාල පුවත් පතේ ප්‍රතිචාරවත් නැහැ. මේක වෙන්න පුලුවන් දෙයක්ද? (නි)