IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


විකිලීක්ස් සංස්කාරකට රැකවරණ දුන්නොත් එක්වදෝරයට සම්බාධක පැනවිය යුතුයි

ඇමෙරිකානු යුද සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවි සංස්කාරක  ඕස්ටේ‍්‍රලියානු ජාතික ජුලියන් ඇසෙන්ජ්ට දේශපාලන රැකවරණ දීමට එක්වදෝරය කැමැත්ත පළ කිරීම නිසා එරටට සම්බාධක පැනවිය යුතු යැයි ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය පවසයි. ඇසෙන්ජ් සම්බන්ධයෙන් එක්වදෝරයට සම්බාධක පනවා දඬුවම් කළ යුතු යැයි පවසන්නේ ඇමෙරිකාවේ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසකි. ඔවුන් ජනාධිපති බැරැක් ඔබාමාගේ රජයට දොස් පවරමින් කියා ඇත්තේ ඇසෙන්ජ් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින ඇසෙන්ජ්, ස්වීඩනයට බාරදීමට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් වෙයි. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් එක්වදෝරයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. ඔහු එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටී. ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වන්නේ ස්වීඩන අධිකරණයක් ඇසෙන්ජ් ඉල්ලා සිටීම නිසාය. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි.



අදහස් (0)

විකිලීක්ස් සංස්කාරකට රැකවරණ දුන්නොත් එක්වදෝරයට සම්බාධක පැනවිය යුතුයි

රාජා අබේගුණවර්ධන Sunday, 26 August 2012 11:03 PM

එංගලන්තේ රැකවරණය ලබන කොටි මිනීමරුවන් ලංකාවට බාර දෙන්න කිව්වොත් දෙනවද ? (ත)

:       0       0

ඩඩ් Monday, 27 August 2012 09:28 AM

ඇමරිකාව කොච්චර නම් පහත්ද? (නි)

:       0       0

තරුෂ Sunday, 26 August 2012 07:52 PM

මේක මාර වැඩක් නේ. ඇමරිකන් අධිරාජ්‍යයට අන්තර්ජාලය හරහා සැබෑවටම අභියෝග කල මාධ්‍ය සිංහයෙකුට අන්තර්ජාල පුවත් පතේ ප්‍රතිචාරවත් නැහැ. මේක වෙන්න පුලුවන් දෙයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site