ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා එල්ල කළ ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේදී පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමට විරෝධය පළ කරමින් පාකිස්තානයේ ලාහෝර් නුවර ඊයේ (19) දිනයේද දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. එම රැලියට පාකිස්තාන වැසියෝ 30,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඔවුහු ඇමෙරිකාවට දොස් කියමින් ඇමෙරිකා ජාතික ධජ ගිනිබත් කරන්න වූහ. ඉකුත් 26 වැනිදා එල්ල වූ එම ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකා රජය එම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානයට සිය කනගාටුව ප‍්‍රකාශ කර ඇති නමුත් සමාව ඇයැදීමක් කර නැත. ප‍්‍රහාරයෙන් පසු පාකිස්තාන/ඇමෙරිකා ඇයිහොඳයිකම් මුළුමනින්ම ඇණහිට ඇති අතර පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයේ විදෙස් හමුදාවලට භාණ්ඩ ප‍්‍රවාහනයට ද බාධා එල්ල විය. පාකිස්තාන රජයේ විරෝධය මැද පාකිස්තානයේ පිහිටුවා තිබූ ඇමෙරිකන් හමුදා කඳවුරක් ඉවත් කර ගැනීමට ද ඇමෙරිකාවට සිදුවිය.
1
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd