IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොව විශාලතම ගිරා පොසිලය හමුවේ

නවසීලන්තයේ, ඔටාගෝ ප්‍රාන්තයෙන් ලොව විශාලතම ගිරා පොසිලය හමුවී ඇතැයිද, මෙම පොසිලය වසර මිලියන 19කට වඩා පැරණි බව පොසිල විද්‍යාඥයෝ පවසති.

මෙම ගිරවා අඩි 3ක් පමණ උස, රාත්තල් 15.5ක් පමණ බර පක්ෂියකු බවද විශාල හොටය යොදාගනිමින් ආහාර ගත් බවද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඔටාගෝ ප්‍රදේශය මයෝසීන අවධියේ පක්ෂී පොසිල හමුවූ ප්‍රදේශයක් බවද ඔවුහු කියති.

හර්කියුලියස්ගේ ප්‍රමාණය සහ ශක්තිමත් බව අනුව යමින් මෙම ගිරවාට හෙරක්ලීස් නම යොදා තිබේ.

“නවසීලන්තය, විශාල පක්ෂීන්ට ඉතා ප්‍රසිද්ධ රටක්. ගෘහාෂිතව ඇතිකරන පක්ෂීන් පමණක් නොවෙයි, අහසේ විශාල රාජාලියන් අරක්ගෙන සිටිද්දී, වනාන්තරවල ජීවත්වුණේ එවැනි විශාල කුරුල්ලන්. නමුත් මේ වනතුරු කිසිවකු මේ තරම් විශාල ගිරා පොසිලයක් සොයාගෙන තිබුණේ නැහැ” යැයි ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩ්ර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ට්‍රේවර් වර්ති මහතා කියාසිටී.

(සීඑන්එන් ඇසුරිනි)

16844


  



අදහස් (0)

ලොව විශාලතම ගිරා පොසිලය හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site