
ලොව ධනවත්ම පුද්ගලයා සුප්‍රකට ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් යැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.
ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ ජෙෆ් බෙසෝස් පසු කරමින් ඉලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.
ටෙස්ලා යනු විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවෙකි. පසුගිය වසරේදී ටෙස්ලා සමාගමේ කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.
ඇමෙරිකාවේ සී.එන්.බී.සී. පුවත් සේවයට අනුව මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 185ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
(ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd