IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොව දැවැන්තයන් සොයයි

පෘථිවි කක්ෂයේ සිට සැතපුම් 480 ක් ඉහළින් ස්ථානගතකැර ඇති අධි තාක්ෂණික චන්ද්‍රිකාවක් භාවිතා කරමින් මුහුදේ වෙසෙන තල්මසුන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීමට බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් කටයුතු කරමින් සිටියි.

බ්‍රිතාන්‍ය ඇන්ටාර්ටිකා සමික්ෂණ ආයතනය මේ කාර්යයට අතගසා ඇත. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ අභ්‍යාවකාශ තාක්ෂණය උපයෝගි කර ගනිමින් වර්තමානයේ මුහුදේ කොපමණ ක්ෂිරපායීන් සිටිනවා දැයි සොයාබැලීමයි.

මෙම චන්ද්‍රිකාව මගින් සාගරයේ ඡායාරූප ගෙන අධිතාක්ෂණික මෘදුකාංගයක් භාවිතා කරමින් සාගරයේ සිටින තල්මසුන් හඳුනා ගනී. පර්යේෂකයන් පවසන්නේ මෙම ක්‍රමය මගින් මුහුදු ක්ෂීරපායීන් ගණනය කරන අතර ම තර්ජනයට ලක්ව ඇති මේ සත්ත්වයන් ආරක්ෂා කිරීමේ කාර්යය ද සිදුකළ හැකිබවයි.

දැනටමත් මේ ක්‍රමයෙන් ආර්ජන්ටිනාවේ ගොල්ෆෝ නියුවෝ සාගර ප්‍රදේශයේ සිටින තල්මසුන් ප්‍රමාණය සාර්ථකව ගණනය කැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ ඉදිරියේ දි මෙම ක%මය ලෝකය පුරාම ව්‍යාප්ත කිරීමෙන් පෘථිවි සාගරයේ සිටින තල්මසුන් සංගණනයක් කළ හැකි බවයි.

 මෙම පර්යේෂන කණ්ඩායමේ ප්‍රධානි පිටර් ෆ්‍රිට්වෙල් පවසන්නේ තල්මසුන් ගහනය කොපමණ සිටිදැයි සාම්ප්‍රදායික ක්‍රමයෙන්ද  තක්සේරු කිරීම ඉතාමත් අසීරු බවයි. එමෙන්ම එසේ ගණනය කිරීම වියදම් අධික සහ නිවැරදි නොවන බවද ෆ්‍රිට්වෙල්ගේ මතයයි. ලොව සිටින තල්මසුන් ප්‍රමාණය මෙතෙක් නිවැරදිව නොදීන. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ තල්මසුන් පැටවුන් මියයාම ඉහළ ගොස් තිබෙන බවයි. බ්‍රිතාන්‍යයේ ග්‍රීන්පීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ විලී මැකෙන්සි මෙම නව තාක්ෂණික  ක්‍රමයට සුබ පතමින් පවසන්නේ තල්මසුන් ගණනය කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාප්තිය ගැන සොයාබැලීමෙන් මුහුදු ක්ෂිරපායීන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත මෙන්ම ඔවුන්ට දැනට ඇති තර්ජන වලටද මෙ මගින් පිළිතුරු සොයා ගත හැකි බවයි. දේශගුණික විපර්යාස, සාගරයේ ආම්ලිකබව වැඩිවීම සහ සාගර දූෂණය මෙන්ම විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම හේතුවෙන් මෙම ක්ෂිරපායින් ගේ පැවැත්මට තර්ජන එල්ල වී තිබේ."

 



අදහස් (0)

ලොව දැවැන්තයන් සොයයි

දිසා Saturday, 01 March 2014 06:18 PM

දුප්පතුන් නැති වෙන්නත් ඕනි අපි මිනිස් වර්ගය ගැන විතරක් හිතන එක වැරදි නේද.සත්තු වෙනුවෙන් හිතන්න පුළුවන් අපෙන් වෙන්න ඕනි යුතුකමක් මේක (දිල්)

:       0       0

අමිල කටුනායක Thursday, 27 February 2014 10:17 PM

මම හිතුවේ දකුනෙයි බස්නාහිරයි මේ දවස් වල එළි බැහැලා ඉන්න තල්මසුන් කියලා.(නදී)

:       0       0

අල්විස් Thursday, 27 February 2014 03:02 PM

ඉතාම හොද වැඩක්, එත් ඔය වියදමින් දුප්පතුන් ගැන සොයලා ඒ අයව, ගොඩ දා ගන්න පුලුවන්නම් කොච්චර වටිනවාද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site