සිරියාවේ වසර තුනක කාලයක් තිස්සේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් එරට ලෝකයේ වැඩිම මානව අවදානම් රට බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.
සිරියාවේ ජනාධිපති බාගා අල් අසාද් ගේ රජයට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් 2011 සිට ගෙන යන යුද්ධය හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී තිබේ.
ඉස්ලාම් කණ්ඩායම්වල එක්වීමත් සමග පසුගිය මාස කිහිපයේ දී තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබේ. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ සිරියානු වැසියන් ලක්ෂ 30ට වැඩි පිරිසක් සරණාගතයන් ලෙස ලියාපදිංචි වී ඇති බවයි.
සිරියාවේ ජනගහණයෙන් අඩකට පමණ සිය නිවෙස්වලින් ඉවත්වීමට සිදුව ඇත. බොහෝ දෙනකු දැනටමත් අවට රටවලට සරණාගතයන් ලෙස පලා ගොසිනි. සිවිල් යුද්ධයෙන් දැනට මියගොස් ඇති සංඛ්‍යාව 190,000ක් පමණ වෙතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක මිනිස්සු! (නි)
දැන්වත් මහා බලවතුන්ගේ දෙබිඩි පිළිවෙත නැති කරගනිද? (නි)
මේකට සම්පුර්ණ ස්තුතිය හිමි වෙන්න ඕන කාටද ? (නදී)