IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොම්බොක් දුපතේ තවත් භූ කම්පාවක්

පෙමේනැන්ග්හිදීය (රොයිටර්)

 

 

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ අද (9) තවත් භූ කම්පනයක් සිදු ව ඇත.

 

භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී තිබෙන බොහෝ පිරිසක් තමන් සිටි ස්ථාන අත්හැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇතැයි එරට බලධාරිහු සඳහන් කළහ. 

 

භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක අංක 6.2ක් ලෙස සටහන්ව තිබිණි. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ගොඩබිමක පිහිටි නිසා සුනාමි අවදානමක් නැතැයි ද නිලධාරිහු සඳහන් කළහ. 

 

පසුගිය සති දෙක තුනක කාලයේදී ඉන්දුනීසියාවේ භූ කම්පන කිහිපයක් සිදු වූ එම නිසා 150කට වැඩි පිරිසක් මියගොස් සිය ගණනක් තුවාල ලැබූහ. අවසන් වරට භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් ලෙස සටහන් වූ බවත් එහි ගැඹුර කිලෝමීටර 10ක් ලෙස සටහන්ව තිබිණි. 

 

පසුගිය ඉරිදා ද ලොම්බොක් දූපතේ භූ කම්පනයක් සිදු වූ අතර ඉන් මිය ගිය 131ක් යැයි ඉන්දුනීසියා බලධාරිහු බදාදා (7) සඳහන් කළහ.

 

ඉන්දුනීසියාවේ ස්ථාන කිහිපයක පසුගිය සති දෙක තුනක කාලයේදී සිදු වූ භූ කම්පන හේතුවෙන් මියගිය ගණන 150 ඉක්මවා ගොස් ඇතැයි ද එරට වාර්තා සඳහන් කළේය. 

 

සංචාරක පාරාදීසයක් ලෙස සැළකෙන ඉන්දුනීසායවට මෙම භූ කම්පන හේතුවෙන් විශාල බලපෑමක් එල්ල වී ඇතැයි ද පැවසේ. 

 

055




අදහස් (0)

ලොම්බොක් දුපතේ තවත් භූ කම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site