IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලිබියාවේ තෙල් සංස්ථා ගොඩ නැගිල්ලේ වෙඩි පත්තුවේ

අවිගත් පිරිසක් ලිබියාවේ ට්‍රිපොලි නුවර ජාතික තෙල් සංස්ථා ගොඩනැගිල්ලට ඇතුළු වී වෙඩි තබා ඇති අතර සිද්ධියෙන් අවම වශයෙන් හතර දෙනකුවත් මියයන්නට ඇති බව පැවසේ.
 
ආරක්ෂක අංශ සහ අවිගත් පිරිස අතර ගැටුම් ඇති වූ බවද පිපිරුම් සහ වෙඩි ශබ්ද ඇසුණු බවද වාර්තා වේ. 
 
ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරකයන් දෙදෙනකු සහ කාර්යමණ්ඩලයේ දෙදෙනකු මියගොස් ඇති බවයි. සංස්ථාවේ සභාපතිවරයා ආරක්ෂිතව ඉවත්කරගත් බව පොලිසිය පවසා ඇත. ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව පැහැදිලි නොමැති බව ආරක්ෂක අංශ පවසයි.
 
ගොඩනැගිල්ලේ ජනේලයකින් පිටතට පැන දිවිබේරාගත් සේවකයෙකු පවසා ඇත්තේ තුවක්කුකරුවන් පස්දෙනකු පමණ වෙඩි තබමින් සිටින බවයි. වෙඩි ප්‍රහාර වලින් කිහිපදෙනකු මියගොස් සිටි බවත් ඔහු පවසා ඇත.
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

ලිබියාවේ තෙල් සංස්ථා ගොඩ නැගිල්ලේ වෙඩි පත්තුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site