IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලිබියාවේ ගැටුම් උත්සන්න වෙයි

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවරදී ප්‍රතිවාදී කණ්ඩායම් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගත් බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලිබියාවේ ගැටුම් නැවැත්වීම සඳහා දීර්ඝකාලීන සටන් විරාමයක් අවශ්‍ය බව කියමින් යෝජනාවක් ඉදිරිපත් කර දිනකට පසු මෙලෙස ගැටුම් උත්සන්න විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා ජාතික සම්මුති ආණ්ඩුවේ බළකා සහ හමුදා ජෙනරාල්වරයකු වන කලීෆා හෆ්තාර්ගේ සටන්කාමීන් අතර ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර මෙලෙස ගැටුම් ඇති වී තිබේ. ට්‍රිපෝලි අගනුවර දකුණු දිග ප්‍රදේශයේ මෙලෙස ගැටුම් ඇති වී තිබෙන අගනුවර දැනට ක්‍රියාත්මක වන එකම ගුවන් තොටුපොළ වන ‘මිටිගා’ ගුවන් තොටුපොළට ද ප්‍රහාර එල්ල වී තිබේ.

ප්‍රහාර එල්ල වීමත් සමඟ ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දැමීමට බලධාරිහු පියවර ගත්හ.

අවට නිවාසවලට ද රොකට් ප්‍රහාර එල්ල වී තිබෙන අතර එම ප්‍රහාරවලින් කාන්තවක මරුමුවට පත්වූ අතර තවත් සිවිල් වැසියෝ සිවුදෙනෙක් තුවාල ලැබූහ. 
 
(ඒ.එෆ්.පී.)
 
055



අදහස් (0)

ලිබියාවේ ගැටුම් උත්සන්න වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site