
ප්‍රතිසංස්කරණ කිරීමට ආණ්ඩුව තිබුණු අවස්ථා ගණනාවක් මඟහැරුණු බව පවසමින් ලෙබනනයේ පරිසර අමාත්‍ය දමියනෝස් කට්ටාර් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
මේ අනුව ලෙබනනයේ අග්‍රාමාත්‍ය හසන් දයිබ්ගේ ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූ දෙවැනි අමාත්‍යවරයා වන්නේ දමියනෝස් කට්ටාර් ය. හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූයේ ඉරිදා පස්වරු වේය. එදිනම පෙරවරුවේ ආණ්ඩුව ජනතාව අසමත් කළ බව කියමින් ලෙබනන තොරතුරු අමාත්‍යවරිය වූ මනාල් අබ්දෙල් සමාද් එම ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
“මේ ව්‍යවසනය මුල් කරගනිමින් මම ආණ්ඩුවෙන් අයින් වෙනවා. මම මගේ ඉල්ලා අස්වීම බාරදෙනවා. මේ ආණ්ඩුව ගැන තිබුණු බලාපොරොත්තුව නැතිවෙලා. ප්‍රතිසංස්කරණ කරන්න මේ ආණ්ඩුව අවස්ථා ගණනාවක් තිබුණා. ඒ සියල්ල මග හැරියා. මේක දැන් නිෂ්ඵල ආණ්ඩුවක් වෙලා” යැයි පරිසර අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
රොයිටර් /ඒ.ඒෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd